රාගම මංකොල්ලකරුවන් සොයා රට පුර පොලිස් මෙහෙයුම

June 26, 2017 | 5:55 pm    0   136

රාගම මංකොල්ලකරුවන් සොයා රට පුර පොලිස් මෙහෙයුම

රාගම දී අද (26) දහවල් සිදුවූ රුපියල් ලක්ෂ 78 ක මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවට පොලිසිය සඳහන් කරයි.

කැලණිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වත්තල සිට මහනුවර දක්වා මුදල් රැගෙන යමින් සිටි වෑන් රථයක් මෙලෙස කොල්ලකරුවන් විසින් කොල්ල කා තිබේ. ප්‍රධාන නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක මුදල් ප්‍රවාහනය කරමින් තිබු වෑන් රථයක් මෙලෙස කොල්ල කෑමට ලක්වී ඇත.

රාගම බැසිලිකා විද්‍යාලය අසලදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගය හරස් කොට වෑන් රථයේ ටයර් රථ වලට වෙඩි තබා මුදල් කොල්ල ක පලාගොස් තිබේ.

CCTV  දර්ශන උපයෝගී කරගෙන මෙම කොල්ලකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: