රාජගිරියේ ඉදිකරන්නේ ප්‍රමිතියෙන් තොර ගුවන් පාලමක්.. – ජනක රණවක

August 29, 2017 | 10:25 am    0   363

රාජගිරියේ ඉදිකරන්නේ ප්‍රමිතියෙන් තොර ගුවන් පාලමක්.. – ජනක රණවක

ලක්ෂ 48,000ක් වැය කරමින් ඉදිකරන රාජගිරිය ගුවන් පාලම නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිකර නොමැති බව ශ්‍රී ජයවර්ධන කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සමසභාපති, හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඊයේ(28) පැවසීය.

රණවක මහතා මේ බව පැවසුවේ රාජගිරිය ගුවන් පාලම ඉදිකරන ස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක නියැලීමෙන් අනතුරුව අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගුවන් පාලමේ බර දරනු ලබන කුලුනුවලට සම්බන්ධ වන පාලමේ ඉහල කොටසක් නිසි පරිදි සම්බන්ධ නොවී කණුවෙන් අගල් 8ක් පමණ පිටතට පැන ඇති අකාරය පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉක්මනට අවසන් කිරීම නොව හරියට අවසන් කිරීම සිදුවිය යුතු බවයි.

නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකරනු ලබන පාලම දෙසැම්බර් අවසන් වනවිට නිමකරන බව සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: