රාජිත සයිටම් ‘ඇඩ්’ හොඳයි කියයි

April 27, 2017 | 10:00 am    0   114

රාජිත සයිටම් ‘ඇඩ්’ හොඳයි කියයි

රජයේ ප්‍රතිපත්ති මජනතාවට දැනගැනීම සදහා වෙළෙද දැන්වීම් පලකිරීම වරදක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

රජයේ මුදල් අවභාවිත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ජනමාධ්‍ය ඔස්සේ සයිටම් හිතවාදී වෙළෙද දැන්වීම් ප්‍රචාරය කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශවලට පිළිතුරු වශයෙන් ඇමතිවරයා මේ බව පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ මුදල් අවභාවිත කරන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මුනිවත රැකි බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන් අතර විවිධ ව්‍යාපෘති විවෘත කිරීමේ උත්සව, උපන් දිනය වෙනුවෙන් පල කළ දැන්වීම් සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය රජය සමයේ දී කිසිවක් ප්‍රකාශ නොකළේ කුමන හේතුවක් මත දැයි රටට හෙළි කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: