රැවුල වැවුණ පලියට හැමෝම පිරිමි නෙමෙයි…

January 31, 2017 | 1:44 pm    0   730

රැවුල වැවුණ පලියට හැමෝම පිරිමි නෙමෙයි…

මේ කතාව පටන් ගන්න කලින් පුංචිම පුංචි කතාවක් කියන්න ඕනේ…

මේ මම ලියන හැම අකුරක්ම පිරිමි ගැන… ඒත් මම කියන මේ පිරිමිකම කියන්නේ රැවුල වැවෙන එකටම නෙමෙයි… පිරිමිකම කියන්නේ ඒකමයි කියලා හිතාන ඉන්න සියල්ලෝම මෙතනින් එහාට කියවන එක තේරුමක් නෑ…

ඒත් එහෙමයි කියලා නො හිතන අය… අන්න එයාලගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා…

ඔයාගෙන් මෙහෙම ඇහුවොත්…

මේ ලෝකේ හොඳටම අඬන්න පුළුවන් කාට ද…??

කෙල්ලොනේ… ඒ තමයි සරලම උත්තරය…

කොල්ලෝ නිසා අඬන කෙල්ලො කොච්චර ද… කරොත් කරන්නේ මහ නසරානි ගල් බමුණු වැඩ… හිත් කඩන මරිමෝල් වැඩ… ඔයාට මට කියන්න ඉවර නො වෙන තරම් දිග ලිස්ට් එකක් ඇති… ඒත් මම මේ කතාව පොඩ්ඩක් අවුල් කරනවා…

මේ ලෝකේ කොල්ලෙක් තරම් අඬන්න පුළුවන් එකෙක් නෑ…

මොන පිස්සු ද….

ඔයා මට එහෙම කියන්න නේ ඔය කට උල්කරන් ලෑස්ති වෙන්නේ…

ඔයාට මම මෙහෙම කතාවක් කියන්නම්…

පිරිමි තරම් අඬන්න හේතු හදාගන්න පුළුවන් ජාතියක් තවත් නැහැ. හැබැයි අර උප්පතිනියෙන්ම ඒ පොරත්වය නිසා එකෙක්වත් එළිපිට ඕක කියන්නෙවත් පෙන්නන්නෙවත් නෑ… ගෑණු ළමයෙක්ට පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරු වුණාට මේක කියවන කොල්ලෝ ටික හිත ඇතුළෙන් මේක ඇත්ත කියලා තනියම කියනවා ඇති…

විශ්වාස කරන්න මේ අකුරු කරන මමත් පස් කකා අඬන්න ඕනේ තරම් වේදනාවලදිත් අර මම මුලින් කිව්ව පොරත්වය නිසා ඇස් තද කරන් කට තද කරන් හිටිය වාර අනන්තයි…

අහවල් උලව්වකට ද තොපි අඬන්නේ…?

මේක කියවන කෙල්ලන්ගේ ඊළඟ ප්‍රශ්නේ…

ඇත්තම කියන්න.. ඒ සමහර හේතුවලට අඬන්න ඕනෙම නෑ. ගණන් ගන්නත් ඕනේ නෑ කියලා ඔයාට හිතෙයි…

නිකමට හිතන්න උදේ පාන්දරම එන මැසේජ් එක නෑවිත් තිබුණම ලාවට මදුරුවෙක් කනවා වගේ දැනෙන රිදිල්ල වැඩිවෙලා අන්තිමට පපුව මැදට අලවංගුවෙන් ඇනලා රීරී මාංසේ හූරන් කනවා වගේ දැනෙන තරමටම ඇවිත් අඬන්න ඔන්න මෙන්න එන තරමටම ඒ හැඟීම වාවගන්න කොල්ලෙක්ට හරි ඉක්මණට පුළුවන්… එහෙමයි කියලා ඒ තරමටම රිදුණයි කියලා ඒ ගැන වචනෙකින්වත් නො කිය ඉන්නත් කොල්ලෙක්ට පුළුවන්…

එහෙමත් කොල්ලෝ ඉන්නව ද….?

ඔව්…

එහෙම උන් ඉන්නවා…

ඔයාට ඉන්නෙත් එහෙම කෙනෙක් නම් පරිස්සම් කරගන්න…

මේ ලෝකේ හැමෝටම ඒ චාන්ස් එකක් හම්බෙන්නේ නෑ…

ඔයාට වුණත් දෙපාරක් ඒ අවස්ථාව ලැබෙන එකක් නෑ….

අපේ එක්කෙනා නම් මෙලහකට දුම්මල වරම අරන් උදේ මැසේජ් යැව්වේ කාට ද කෝල් කරේ කාට ද අහලා ෆෝන් එකෙන්ම වඩිග පටුන නටනවා කියලා සමහර අය කියයි…

අමතක කරන්න එපා…

මම මුලින්ම කිව්ව දේ…

රැවුල වැවුණ පලියට හැමෝම පිරිමි නෙමෙයි…

මලින්ත ලක්මාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: