රැවුල වැවෙන හැමෝම පිරිමි නෙමෙයි…

March 3, 2017 | 11:44 am    0   430

රැවුල වැවෙන හැමෝම පිරිමි නෙමෙයි…

වැලන්ටයින්
ඔව් ඔව් එච්චරයි මට දැන් මදි… ඔයා මට දැන් එහෙම කියයි….
නෑ තරහ ගන්න දෙයක් නෑ…. මම මේ කියන්න යන්නේ වෙනම කතාවක්… ඔව් වැලන්ටයින් ශාන්තුවරයගෙ කාලේ යුද්දයට යන්න නියමිත වෙච්ච සොල්දාදුවන්ට කසාදයක් කරගන්න ඒ රටේ අධිරාජ්‍යයා ඉඩ දුන්නේ නෑ…. ඒ හින්දානේ වැලන්ටයින් ශාන්තුවරයා ජීවිතේ පරදුවට තියාන ලව් කරන්න ගිය සොල්දාදුවන්ව හොරෙන්ම බන්ඳලා දුන්නා… කොහෙමෙන් කොහොම හරි අන්තිමට වැලන්ටයින් ශාන්තුවරයාට වුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න… දැන් කට්ටියට බලන්නේ මේ මොකක් ගැන ද කියන්න යන්නේ කියලනේ… මම මේ කියන්න යන්නේ ලෝකල් වැලන්ටයින් කුමාරවරු ගැන කතාවක්… වැලන්ටයින් ගෙවිලා ඉවර වුණාට පස්සේ මොන හත්ඉලවුවක් ද මේ කියන්න යන්නේ කියලා ඔයා බලනවා ඇති… මේකයි කතාව…
කොල්ලෙක් නිසා මේ කතාව කියන්නම ඕනේ…
කොල්ලො වගේම පෙනුමට ඉන්න සමහර එවුන් ඉන්නවා උන්ට කියන්න නමක් මම තාම දන්නේ නෑ. ඒ නිසා කොල්ලො වගේ එවුන් කියලා කියන්නන්. අන්න එවුන් ඔය වගේ දවසක් යොදා ගන්නවා කොහෙන් හරි කෙල්ලෙක් හොයාගෙන ටෙස් රන් එකක් යන්න… උන් ඒකට කියන්නේ ජම්බෝ ජෙට් එකක් පදින්න කලින් පොඩි ප්ලේන් එකක් පැදලා බලන්න ඕනේ කියලා…

අන්න එහෙම කොල්ලො වගේ එවුන් හන්දා කොල්ලො කියන ජාතියම පීචන් වෙලා යනවා… රටේම තියන ඔක්කොම පච ටික පැකට් කර කර අතාරින මේ කුමාරවරු අන්තිමට කොහොම හරි ඒ මවන කතාව ඉවරයක් වෙන්නේ කොහේ හරි මුල්ලක තියන රූම් එකකින්… පහුවදා ඉඳන් බිසී වෙන ෆෝන්… ආන්සර් නො කරන කෝල් ගැන මම මෙතන කුරුටු ගාන්න ඕනේ කමක් නෑ කියලා හිතනවා….
ඒත් මම මෙතන ලියන්නම ඕනේ කතාවක් තියනවා…. ඒ තමයි කොල්ලො වගේ උන් ඉන්නවා නේද… අන්න උන්ගෙන් පරිස්සම් වෙන්න…
මතකයි නේද මම මේ කතාව පටන් ගද්දිම කිව්වා…
රැවුල වැවෙන හැමෝම පිරිමි නෙමෙයි…

මලින්ත ලක්මාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: