රුපියල් දෙකක් නිසා බස් රථ හිමියන් වැඩ වර්ජනයක

February 8, 2017 | 12:33 pm    0   476

රුපියල් දෙකක් නිසා බස් රථ හිමියන් වැඩ වර්ජනයක

අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වුනු පෞද්ගලික බස් රථයකට අලුත්ගමින් ගොඩවුණු මගියෙකු පයාගලට යාමට රුපියල් 100 ක නෝට්ටුවක් කොන්දොස්තර මහතාට ලබා දුන් පසු, ප්‍රවේශ පත්‍රයේ වටිනාකම රුපියල් 12ක් බැවින් ඉතිරි මුදල්  ලෙස 90ක් දීම සඳහා රුපියල් 2ක් මගියාගෙන් ඉල්ලා තිබෙනවා. එම අවස්තාවේදී කොන්දොස්තරවරයා සහ මගියා අතර වචන හුවමාරුවක් ඇති වී එය පහරදීමක් දක්වා දුරගොස් තිබෙන අතර, පහර කෑ කොන්දෙස්තර කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහර දීමට පටන් ගත මගියා දකුණු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම සිදුවීම නිසා ඊයේ දහවල් සිට අලුත්ගම – කොළඹ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වී තිබෙන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: