රුහුණේ පීඨ දෙකක් වසා දමයි

March 31, 2017 | 8:00 am    0   216

රුහුණේ පීඨ දෙකක් වසා දමයි

උණ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා තාක්ෂණ පීඨ දෙක ඊයේ (30) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරීය පියවර ගෙන තිබේ.

මෙම උණ රෝගය මේ වන විට සිසුන් රැසක් අතර පැතිර ගොස් ඇති අතර වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත විශ්වවිද්‍යාලය වසා දැමීමට පියවර ගත් බව උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මාතර මාපලානේ කෘෂිකර්ම පීඨය සහ වැල්ලමඩම පරිශ්‍රයේ තාක්ෂණ විද්‍යා පීඨය වසා දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: