“රෙඩ් බුල්” T -20 විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය කොළඹදී

June 28, 2017 | 4:34 pm    0   217

“රෙඩ් බුල්” T -20 විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය කොළඹදී

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර පැවැත්වෙන ප්‍රධානම ක්‍රිකට් තරගාවලියක් වන ‘රෙඩ් බුල්’ විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය ජූලි 3 කොළඹදී ආරම්භ වේ. මෙම තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායම ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ලෝක විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි.

පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන දේශීය තරගාවලියට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන 20 ක් සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකා BMS කණ්ඩායම ලෝක තරගාවලියේ ශූරයන් බවට ද පත්විය. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලයි.

තරගාවලියේ පළමු වටයේ තරග ජුලි 3 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අර්ධ අවසන් පූර්ව තරග ජුලි 6 සහ 7 දෙදින තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදීද, අවසන් පූර්ව සහ අවසන් මහ තරගය ජුලි මස 21 සහ 22 දෙදින පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලෝක ශුරත විශ්ව විද්‍යාල තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් ඔස්ට්‍රේලියව්, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ සිම්බාබ්වේ යන රටවල්වලද මෙවැනි දේශීය තරගාවලි පැවැත්වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින්නාද වූ බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: