රේණුකා හේරත් අභාවප්‍රාප්ත වෙයි

March 13, 2017 | 11:30 am    0   342

රේණුකා හේරත් අභාවප්‍රාප්ත වෙයි

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය අද (13) අලුයම අභාවප්‍රාප්ත වූවාය.

අභාවප්‍රාප්ත වනවිට 72 වන වියෙහි පසු වූ ඇය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරි නායිකාවකද වූවාය.

ඇය 1997 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළේ වලපනේ මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමිනි. මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු නුවරඑළිය දිසා ඇමතිනී ලෙස 1989 දක්වා කටයුතු කළ අතර 1989 මහමැතිවරණයේදී නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවට තේරී පත් වූ ඇය ජේ. ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමැතිනිය වශයෙන්ද කටයුතු කළාය.

1994 මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ ඇය වර්තමාන මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය දැරුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: