රොබින්හුඩ්ගේ මුද්දක් සොයා ගනී

December 21, 2016 | 2:05 pm    0   656

රොබින්හුඩ්ගේ මුද්දක් සොයා ගනී

ලෝ ප්‍රකට රොබින් හුඩ් ජීවත් වූ බව කියන බ්‍රිතාන්‍යයේ ෂර්වුඩ් වනාන්තරයෙන් ඉපැරණි රන් මුදුවක් සොයාගෙන තිඛෙන අතර  විදෙස් වාර්තා සදහන් කරන්නේ 14 වන සියවසේ රොබින් හුඩ් ජීවත්වූ බව කියන කාලයට අදාළ රන් මුද්දක් මෙසේ හමුව ඇති බවයි. එය සොයාගෙන ඇත්තේ ඉපැරණි නිදන් සොයා පරීක්ෂණ සිදුකරන්නකු විසින් වන අතර මෙම මුදුව මැණික් ඔබ්බවා රනින් සිදුකළ නිර්මාණයක් වනවා. එහි  වටිනාකම වර්තමානයේදී පවුම් 80,000ක් පමණක් වන බවයි තක්සේරු කර ඇත්තේ. මෙම මුදුවේ එක් පසෙක ජේසු බිලිදුන්ගේ කැටයමක් පවතින අතර අනෙක් කෙලවරේ පවතින්නේ මරිය මව්තුමියගේ කැටයමක් වන අතර මෙම මුදුව රොබින් හුඩ් ඇතුල් කණ්ඩායම විසින් මංකොල්ලකන ලද ධනවතකුට අයත් වස්තුවක් ලෙසයි සැලකෙන්නේ. ඒ ආශ්‍රීතව තවත් වස්තුව ඇත්දැයි පරී්ක්ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිඛෙනවා.

උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: