රෝහලේ ප්‍රමාදයක් නිසා රෝගියෙකු එලොව ගිහින්

March 16, 2017 | 1:55 pm    0   410

රෝහලේ ප්‍රමාදයක් නිසා රෝගියෙකු එලොව ගිහින්

අසාධ්‍ය රෝගියෙකු කුරුණෑගල මහ රෝහල වෙත පිටත් කර යැවීමේදී අලව්ව රෝහලේ කාර්ය මණ්ඩලය අතින් සිදු වුණ ප්‍රමාදය හා නොසැලකිල්ල හේතුවෙන් එම රෝගියා මිය යාමේ සිද්ධියක් වාර්තා වේ.

මිය ගිය රෝගියා අලව්ව රෝහල වෙත ගෙන යන ලද්දේ අලුයම 02ට පමණ වන අතර ලෙඩා පරීක්ෂා කර බැලූ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් ඔහු වහාම කුරුණෑගල මහ රෝහල වෙත යවන ලෙස නියම කරන ලදි.

රෝහලේ ගිලන්රථ රියදුරු නිවාඩු ගොස් ඇති බව දැන ගන්නා ලද්දේ එවිට වන බවත් අනතුරුව අසල තිබෙන නවතල්වත්ත ග්‍රාමීය රෝහලේ ගිලන් රථය ගෙන්වා ගැනීමට දුරකථනයෙන් කතා කළ විට එම ගිලන් රථයේ ඩීසල් නැති බව පවසා තිබේ. අනතුරුව දඹදෙණිය රෝහලට කතා කළ මුත් එයද ව්‍යාර්ථ වී ඇත්තේ එම ගිලන් රථය වෙනත් ගමනක් ගොස් තිබීම හේතුවෙනි.

මෙම අවස්ථාවේ ලෙඩාගේ ඥාතීන් අපෞද්ගලික වාහනයකින් ලෙඩා රැගෙන යාමට උත්සාහ කළ මුත් රෝහල් සේවකයින් එයටද ඉඩ දී නොමැති බැව් පැවසේ.

මේ අනුව අළුයම 02ට පමණ රෝහලට ගෙනා ලෙඩා පැය 05ක ප්‍රමාදයකින් පසුව කුරුණෑගලට පිටත් කර යවන ලද්දේ උදෑසන 07ට ය. කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලෙඩා මිය ගිය බවත් තව පැය දෙකකට කලින් ගෙනාවා නම් ලෙඩා බේරා ගැනීමට ඉඩ තිබූ බවත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් පැවසූ බවත් මිය ගිය අයගේ පුත්‍රයා වන කේ. ඩී. දයානන්ද මහතා පවසයි.

මෙසේ මිය ගියේ අලව්ව වේදෙනියේ පදිංචිව සිටි කේ. දයානන්ද පීරිස් (72) නැමැති අයකු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: