ලංකාවට එපා කී මහේල ඉන්දියාවේ පුහුණුකරු වෙයි ද?

June 26, 2017 | 4:05 pm    0   137

ලංකාවට එපා කී මහේල ඉන්දියාවේ පුහුණුකරු වෙයි ද?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකර ධූරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබූ අනිල් කුම්බ්ලේ නායක වීරත් කෝලි සමඟ ඇති කරගත් ගැටුමක් හේතුවෙන් සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. තවත් වසරකින් ඔහුගේ පුහුණුකරු තනතුර දීර්ඝ කිරීමට සිටියදී ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

මේ වනවිට පුරප්පාඩු වී ඇති එම තනතුරට ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ටොම් මුඩි මහතා ද ඉල්ලුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මහේල ජයවර්ධන පළමු වරට මෙවර IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල අතර, ඔහුගේ පළමු තරගාවලියෙන්ම පුහුණුකරුවෙකු ලෙස සාර්ථක ප්‍රතිපල පෙන්වූ මහේල තමාගේ එම ගමන නිම කලේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර IPL ශුරයන් බවට පත් කරමිනි.

එම නිසාවෙන්ම බොහෝ ඉන්දියානුවන් මෙන්ම ඉන්දියානු ක්‍රීඩා විචාරකයන්ද පෙන්වා දෙන්නේ මහේල මේ වනවිටත් එම තනතුර සඳහා ඉල්ලුම් කර අවසන්ව තිබිය හැකි බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේද මේ වනවිට ප්‍රධාන පුහුණුකරු ධුරය පුරප්පාඩුව පවතින අතර, ඒ සඳහා මහේල ජයවර්ධන සුදුසු නොවන්නේදැයි අසු විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කලේ මහේලගේ සමකාලීනයන් තවමත් කණ්ඩායමේ සිටින බැවින් මහේලට ඒ සඳහා තව කල් තිබෙන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: