ලංකාවට ගෙන්වූ මිලෙන් අධිකතම (රු.මි.158) Rolls Royce Wraith රථයටත් දඩ කොලයක්

March 24, 2017 | 3:00 pm    0   360

ලංකාවට ගෙන්වූ මිලෙන් අධිකතම (රු.මි.158) Rolls Royce Wraith රථයටත් දඩ කොලයක්

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකම කාර් රථය වන මිලියන 158 ක් වටිනා Rolls Royce Wraith මාදිලියේ රථය ගැන අන්තර්ජාලයේ විවිධ කතා පැතිරුණි. මෙල්වා සමුහ ව්‍යාපාරයේ අධිපතිතුමා විසින් මෙම වටිනා මෝටර් රථය ගෙන්වා ඇති බවට දැන් සෑම දෙනාම දන්නා කරුණක්.

වරායට පැමිණි දවසේ සිට ගැනුම්කරු විසින් අදාළ මුදල් ගෙවා රැගෙන යන මොහොත දක්වා ජනප්‍රිය මාතෘකාවක් වූයේ මේ Rolls Royce මෝටර් රථය ගැනයි. යළිත් එම මිලියන 158 ක් වටිනා රථය ගැන සමාජ ජාල අඩවිවල කතා වීමට පටන්  අරගෙන තිබේ. ඒ රථවාහන නිලධාරියෙකු නිසාවෙනි.

කුරුණෑගල නගරය ආසන්නයේදී මේ Rolls Royce රථය රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් නවත්වා තිබෙන ඡායාරුපයක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. නීතිය කාටත් පොදු බව මේ පොලිස් නිලධාරියා රාජකාරිය සිදු කළ ආකාරයෙන් මනාව පැහැදිලි වෙයි. නමුත් මෙවැනි නිලධාරින් මෙසේ රාජකාරි සිදු කරත් ඇතැම් නිලධාරින් සිදු කරන දේවල් නිසා පොලිස් සේවයට කළු පැල්ලම් එකතු වීමත් සාමාන්‍ය දෙයක් වී තිබේ.

කෙසේ නමුත් මේ නිලධාරියා කුමන හේතුවක් මත Rolls Royce  රථය නැවැත්තුවාද යන්න තහවුරු වී නොමැත.

  • උපුටාගැනීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: