ලංකාවට බෝනස් ලකුණු 4 ක් අහිමි වෙයි

January 17, 2017 | 12:42 pm    0   520

ලංකාවට බෝනස් ලකුණු 4 ක් අහිමි වෙයි

දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 3-0 ක්‌ ලෙස අන්ත පරාජයට මුහුණ දුන් ශ්‍රී ලංකාවට නවතම ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු හතරක්‌ අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබූ දකුණු අප්‍රිකානුවන් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු පහක්‌ එකතු කර ගනිමින් අදාළ ශ්‍රේණියේ තෙවැනි තැන දක්‌වා උසස්‌වීම් ලැබ තිබේ.

මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 96 ක්‌ සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 102 ක්‌ වශයෙන් ලබා තිබුණි.

වත්මන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 92 ක්‌ සමග හත්වැනි ස්‌ථානයේ පසුවන අතර තෙවැනි ස්‌ථානය දක්‌වා උසස්‌වීම් ලද දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 107 ක්‌ ලබා තිබේ.

ප්‍රසාද ලකුණු 120 ක්‌ ලබා සිටින ඉන්දියාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: