ලංකාවට මැච් ෆික්සිං අවදානමක්

October 21, 2016 | 8:47 am    0   1116

ලංකාවට මැච් ෆික්සිං අවදානමක්

ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන් වැඩි දෙනෙකුගේ කළමනාකරු වන්නේ චාලි ඔස්ටින් නැමැති විදේශිකයකුවීම නිසා ශ්‍රී ලංකාව තරග පාවාදීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව ක්‍රිකට් කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ කළමනාකරු වන්නේද චාලි වන අතර, තරගයක තීරණය වෙනස්කළ හැකි රංගන හේරත් හා දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩයන්ගේද කළමනාකරු වන්නේ චාලි බව පැවසේ.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පිලේ නායකයන් ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර යන සුපිරි ක්‍රීඩකයන් දෙදෙනාගේද කළමනාකරුවුයේ චාලි ඔස්ටින්ය.

එසේම පසුගිය කාලයේදී තරග පාවාදුන් බවට වන සැකයක් මත අයි.සී.සී.ය විසින් පරීක්ෂණ පවත්වන ලද ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුගේ කළමනාකරු ලෙස කටයුතු කර තිබුණේද මේ පුද්ගලයා බව මේවන විට හෙළිව තිබේ.

එංගලන්තයේ සිට සංචාරකයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ පසුව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් චාලි, පසුව ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණියක් විවාහකරගෙන ඇති බවද පැවසේ.

කෙසේවුවද, ඔහු සතු වත්කම් ගණනය කිරීම පවා අපහසු බවත් ඔහු සිදු කරන එකම ප්‍රසිද්ධ ව්‍යාපාරය වන්නේ RedDot නැමැති සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යාම බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ සෙසු ක්‍රීඩකයන් වැඩි පිරිසකගේ කළමනාකරුවන් ලෙස පෙනී සිටින තවත් චරිත දෙකක් තිබේ.

ඉන් එක් අයෙකු ප්‍රසිද්ධ ක්‍රිකට් විචාරකයෙකි. එහෙත් ඔහු අදාළ ක්‍රීඩකයන්ගේ කළමනාකරු ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීම නොකරන අතර ඔහුගේ ලේකම්වරයා හා එංගලන්තයේ සිටින විදේශිකයකු ක්‍රීඩකයන්ගේ කළමනාකරු ලෙස පෙනී සිටිති.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැඩි පිරිසක් මෙහෙයවනු ලබන තෙවැන්නා රවීද සිල්වාය.

– ගංගනාත් රනේපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: