ලංකාවේ කාන්තා හිංසනය එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවට

February 8, 2017 | 10:43 am    0   907

ලංකාවේ කාන්තා හිංසනය එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවට

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක කාන්තා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට ගෙන ඇති පියවර විමර්ශනය කිරීම සඳහා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ලබන 13 දා රැස්වීමට නියමිතය.

මේ සඳහා වන කමිටුව මෙම මස 13දා සිට මාර්තු 03දා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී රැස්වේ.

මෙම කමිටුවේදී එක් එක් රටවල තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට එක් එක් දිනයන් වෙන් කර ඇති අතර, පෙබරවාරි 22දා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මෙහිදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රජයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වෙයි.

ශ්‍රී ලංකාවට අමතරව යුක්රේනය ,අයර්ලන්තය ,ජෝර්දානය ,එල් සැල්වදෝරය ,ජර්මනිය ,රුවන්ඩාව සහ මයික්‍රොනීෂියාව යන රටවල් ගැනද සොයා බැලෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: