ලංකාවේ සුපිරි සංචිතයට සුපිරි ගෙවිල්ලක්

මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14කට 2018 ආසියානු ක්‍රීඩා උළෙල දක්වා රුපියල් 75,000 සිට රුපියල් 30,000 අතර මාසික දීමනාවක් ගෙවීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

එයට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14කගේ පුහුණුකරුවන්ට රුපියල් 30,000ත් – 20,000ත් අතර ගෙවීම් සිදු කිරීමට හා පෝෂ්‍යදායී ආහාර, විටමින් වර්ග හා බෙහෙත් සියල්ල සැපැයීමටද කටයුතු කර ඇත.

එහෙත් ජාතික සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 101කට රුපියල් 10,000ක මාසික දීමනාවක් ගෙවීමට කළ යෝජනාව තවමත් අනුමතවී නැතැයි පැවසේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ඔලිම්පික් සංචිතය, සුපිරි සංචිතය හා ජාතික සංචිතය ලෙස කාණ්ඩ 3ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු ආරම්භ කොට ඇති අතර ඒ සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මුදල් හා පහසුකම් සපයනු ලබයි.

මේ වසරේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය හා ලබන වසරේ පැවැත්වෙන ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළ ඉලක්ක කොට සැලසුම් සහගතව පුහුණු සංචිත පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ප‍්‍රධාන අරමුණවී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔලිම්පික් සංචිතය : අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ

සුපිරි සංචිතය: අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, මංජුල කුමාර, හිමාෂ ඒෂාන්, සුරංජය ද සිල්වා, ඉදුනිල් හේරත්, එම්. අයි. එච්. සඳරුවන්, ඩී. එම්. ලියනපතිරණ, වරුණ ලක්ෂාන්, සුමේධ රණසිංහ, අමිල ජයසිරි, රුමේෂිකා රත්නායක, නිමාලී ලියනාරච්චි, නිලානී රත්නායක, ගයන්තිකා අබේරත්න

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − fourteen =