ලංකාවෙ ක‍්‍රීඩිකාවන්ට ලෝක කුසලාන වරම්

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ (19) බංග්ලාදේශය සමඟ පැවැති තරඟය ලකුණූ 42 කින් ජයග්‍රහණය කිරිමත් සමඟයි.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් බිදවැටී ලකුණු 197 ලබා ගනු ලැබීය.

එහිදී චමරි අතපත්තු ලකුණූ 84 ක් ලබා ගැනිමට සමත් විය.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට ඩක්වත් ඇන්ඩ් ලුයිස් නියායට අනුව ජයග්‍රහණය කිරිම සඳහා පන්දුවාර 21කදී ලකුණු 111ක් ලබා ගැනිමට සිදුවිය.

කෙසේ වෙතත් ඔවුන්ට අදාළ පන්දුවාර 21 තුළ දී කඩුලු 05ක් බිද වැටී ලබාගත හැකිවූයේ ලකුණු 68ක් පමණයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − ten =