ලංකාවේ උග්‍ර විශ සර්පයින් හතකටගේ විශට බෙහෙත් නෑ

March 21, 2017 | 1:00 pm    0   523

ලංකාවේ උග්‍ර විශ සර්පයින් හතකටගේ විශට බෙහෙත් නෑ

මෙරට වෙසෙන මාරාන්තික විස ඇති සර්පයින් හත්දෙනා අතරින් තිදෙනකුටම ප්‍රතිවිස නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ජයන්ත රාජපක්ෂ පවසයි.

නයා, වැලි පොළඟා, මුදුකරවලා, තෙල් කරවලා, තිත් ‍පොළඟා, පොළොං තෙලිස්සා හෙවත් කුණ කටුවා හා පළා ‍පොළඟා යනු උග්‍ර විස සහිත සර්පයින් බවත් මින් පොළොං තෙලිස්සා, මුදු කරවලා හා පළා ‍පොළඟා සදහා ප්‍රතිවිස නිර්මාණය වී නොමැති බවත් ඒ මහතා කීය.

සර්ප සපාකෑම් වලදී ප්‍රතිකාරයක් ලෙස රෝහල්වල ලබා දෙන ප්‍රතිවිස ඉන්දියා‍වෙන් ආනයනය කරන බවත් එම රටේ පොළොං තෙලිස්සා, මුදු කරවලා හා පළා ‍පොළඟා නොමැති වීම හේතුවෙන් ප්‍රතිවිස නිර්මාණය වී නොමැති බවත් මහචාර්යවරයා කීවේය.

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන්නේ එරට හමු වන නයා, වැලි පොළඟා, තිත් පොළඟා හා තෙල් කරවලා සඳහා ප්‍රතිවිස වුවත් එයද සියයට 100ක් මෙරට සර්පයින්ට නොගැලපෙන අතර රටකින් රටකට පමණක් නොව එකම රටක පළාතින් පළාතටද එකම වර්ගයේ සර්පයින්ගේ විස අතර වෙනස්කම් පවතින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් ඉන්දියාව නිර්දේශ කරන මාත්‍රාව මෙරටට ඒ ආකාරයෙන්ම ගැලපෙන්නේ නැති බවත් මෙයට විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකාවේ සර්පයින්ට ගැලපෙන ප්‍රතිවිසක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන අතර ලංකාවේ සියලු පළාත් ආවරණය වන ලෙස අල්ලා ගත් උග්‍ර විෂ සහිත සර්පයින් අල්ලාගෙන එම සතුන්ගේ විස ලබාගෙන, එකතු කර එක් ප්‍රතිවිසක් නිර්මාණය කිරීම අදාළ වැඩපිළිවෙළේ අරමුණ බව හා මේ වන විට එය ක්‍රියාවට නන්වා තිබෙන බව හෙතෙම අවධාරණය ක‍ළේය.

මෙම ප්‍රතිවිස ලංකාව තුළ නිර්මාණය කිරීම වියදම් අධික බැවින් විස වියළා කැටි කර ඉන්දියාවට යවා එහිදී ප්‍රතිවිස නිර්මාණය කර මෙරටට ගෙන්වා ගැනීම අරමුණ බවත් වනජීවි දෙපර්තුමේන්තුවේද අනුමැතිය ඇතිව මෙය ක්‍රියාවට නන්වන බවත් ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: