ලංකාවේ ක්‍රිකට් ගැන සංගක්කාර කතා කරයි

July 13, 2017 | 2:04 pm    0   1039

ලංකාවේ ක්‍රිකට් ගැන සංගක්කාර කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්වීමෙන් පසු ඊයේ (13) නව නායකයන් දෙදෙනෙකු පත් කරන ලදී. ඒ ටෙස්ට් නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට උපුල් තරංගත් වශයෙනි. සිම්බාබ්වේ කණ්ඩායමේ  ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය පරාජයට පත්විය. මේ සියල්ල පිලිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ඊයේ skyep තාක්ෂණයෙන් ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සමඟ මාධ්‍ය හමුවක් පැවැත්විය. 

“අපි සිම්බාබ්වේ හමුවේ පරාජය වීම අවාසනාවක්. ඒත් මීළඟ ලෝක කුසලානයට තව අවුරුදු දෙකක් තියෙනවා. අපි ඔවුන්ට කරන නරකම දේ තමයි කලබල වීම. ඔවුන් ගැන විශ්වාසයෙන් සිටිය යුතුයි. මං හිතන්නෙ නෑ ඔවුන් දක්ෂතාවයෙන් අඩු තත්වයක ඉන්නවා කියලා.” සංගක්කාර එලෙස සිය අදහස ප්‍රකාශ කළේය.

යම් ක්‍රීඩකයෙකුට පිතිකරණ අනුපිළිවෙලේ යම් නිශ්චිත ස්ථානයක දිගටම ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබීම පිලිබඳ සහ විශේෂයෙන්ම උපුල් තරංගට එම අවස්ථාව නොලැබීම පිළිබඳව ද ඔහුගෙන් විමසිමේදී මෙලෙස අදහස් දැක්විය.

“තරංග කණ්ඩායමට එක්වෙන එක වාසනාවක්. මමත් නොම්මර 09 වෙනකම් ස්ථානවල බැට් කරලා තියෙනවා. මුලින් කණ්ඩායමට එද්දී ඔබට ඔබේ තැනම ලැබෙයිද කියන්න බැහැ. ඔබට ලැබෙන තැන සෙල්ලම් කරන්න වෙනවා. දක්ෂතා දැක්වුවාට පසු ඔබට සුදුසු තැන මුලින්ම බලන්න ඕන. මම බලෙන් අංක 03 ගැහුවේ නෑ.”

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සමඟ තරගාවලිය පිලිබඳ ඔහු දැක්වුයේ මෙවන් අදහසකි.

“ඉන්දියානු තරගාවලිය අපහසු එකක් වේවි. අපි 2019 ලෝක කුසලානය ගැන හිතනවා නම් අප එය දැන්ම සැලසුම් කළ යුතුයි. ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කරන්නේ කෙසේ දැයි උපක්‍රමශීලීව බැලිය යුතුයි. ඊට කෙටි මාර්ග නැහැ. කැපවීම, හොඳ සැලසුම් සහ පරාජයේදී කලබල නොවීම කියන දේවල් එක්ක දිගුකාලීන සාර්ථකත්වයක් කරා වැඩකළ යුතුයි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: