ලංකාවේ කොල්ලෝ සෙට් එකක් “කංඡායුධ” කියල පට්ට Game එකක් හදයි

December 14, 2016 | 2:43 pm    0   1013

ලංකාවේ කොල්ලෝ සෙට් එකක් “කංඡායුධ” කියල පට්ට Game එකක් හදයි

ලංකාවේ Computer Game Play කරන්න කැමති කොල්ලෝ කෙල්ලන්ට නවමු අත්දැකීමක් එක්කරන්න ලංකාවේ කොල්ලෝ සෙට් එකක් පසුගිය 13 වෙනිදා අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ තමයි කංඡායුධ කියල පුරාණ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ ශක්තිමත් පුද්ගලයෙකු වටා ගොඩ නැගුණු ක්‍රියාන්විත Computer Game එකක් ලංකාවෙ කොල්ලෝ සෙට් එකක් හදල තියෙනවා.

මේ Computer Game එක නිර්මාණය කළේ Arimac Lanka ආයතනයේ නිර්මාතෘ චමීර ප්‍රසාද් ජයසිංහ ඇතුළු එම ආයතනයේ සේවය කරන පට්ට වැඩ්ඩො සෙට් එකක්. කංඡායුධ Game එක ඔවුන්ට නිර්මාණය කරන්න මාස 6 ක කාලයක් මෙන්ම 3D Movie එකක් නිර්මාණය කරන්න යන තරම් මුදලක් Invest කරන්න සිද්ධ වෙලා තියෙනවා.

ලංකාවෙ කොල්ලෝ කෙල්ලෝ පට්ට කියල ගහපු Call of Duty, Half-Life වගේ ත්‍රාසජනක මෙන්ම ක්‍රියාදාම Computer Game හා සමාන Computer Game එකක් තමයි කංඡායුධ කියන්නෙ. Action and Adventure type එකේ Computer Game Play කරන්න කැමති කොල්ලන්ට කෙල්ලන්ට දැන් කංඡායුධ Game එක Play කරන්න පුළුවන්.

කංඡායුධ Game එක www.kanchayudha.com නිළ website එකෙන් Download කරගන්න Arimac Lanka ආයතනය විසින් ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය මෙන්ම අගය කළ යුතු කාරනය වන්නේ ඔවුන් කංඡායුධ Game එක ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට ලබා දෙන්නේ කිසිදු මුදලක් අය නොකර වීමයි. ඒ කියන්නේ ඔයාලට මේ Game එක Free Download කරන්න පුළුවන් කියන එක. ඒ වගේම කැමති ගානක් Donate කරන්නත් අවස්ථාවක් www.kanchayudha.com නිළ website එකේ ලබා දී තිබෙනවා.

Sunday Apple අපිට දැන ගන්න ලැබුන විදිහට නම් Arimac Lanka ආයතනයට මේ වන විටත් ආසියාතික රටවල් 5 කින් Invitations ලැබිල තියෙනවා ඒ රටවල Native Language වලට මේ Game එක translate කරල අවශ්‍යයි කියලා. Arimac Lanka ආයතනයේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ ලබන වසර මුල ඉදන් කංඡායුධ Game එක විදෙස් රට වලට අපනයනය කර ශ්‍රී ලාංකාවට ගෞරවයක් මෙන්ම විදේශ විනිමය උපයා දීමයි. එමෙන්ම ඔවුන් කංඡායුධ Game එකෙන් පොඩි පණිවුඩයක් ලබා දෙනවා ලස්සන ශ්‍රී ලංකාවක් හදන්න.

Arimac Lanka ආයතනයේ තරුණයන්ගේ එම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල Sunday Apple තාරුණ්‍යයේ ජාතික පුවත්පත විදිහට අපි සුභ පතන ගමන් කැමතියි ඔබට ඇරයුම් කරන්න කංඡායුධ Game එක Download කරල Play කරන්න වගේම මෙහි ඇති ගුණ දොස් Arimac Lanka ආයතනට ලබා දී ඔවුන්ට Support එකක් දෙන්න කියල.

සටහන – චන්දන පතිරගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: