ලංකාවේ දෙන්නෙක් කුවේට් ගිහිනුත් ගණිකා නිවාසයක් කර හසු වෙයි

May 17, 2017 | 11:00 am    0   315

ලංකාවේ දෙන්නෙක් කුවේට් ගිහිනුත් ගණිකා නිවාසයක් කර හසු වෙයි

කුවේට් හි රැකියා සඳහා ගිය ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු එරටෙහි ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ වෝදනාව මත  එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස කුවේට් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවක් හා පිරිමියෙකි. කුවේටයේ ෆර්වනියා හි පෞද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන් පිරිසක් විසින් කුවේට් පොලීසියට දෙන ලද ඔත්තුවක් මත මෙම ගණිකා නිවාසය වටලා මෙම ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

කුවේටයේ කයිතාන් ප්‍රදේශයේ ඇති මහල් නිවසක මෙම ගණිකා ව්‍යාපාරය පවත්වා ගෙන ගොස් ඇති  අතර මෙම ස්ථානය මීට පෙර සැකකාර පිරිමි පුද්ලගලයා නතර වී සිටි ස්ථානය වු බව එරට පොලීසිය විසින් හෙළිදරව් කර ගෙන ඇත. මෙම ගණිකා නිවාසට ගනුදෙනුකරුවන් රැගෙන එන්නේ සැකකාර පුද්ගලයාම බවද පොලීසිය වාර්තා වේ.

කුවේට් පොලීසිය විසින් මෙම නිවස වැටලූ අවස්ථාවේදී සැකකාර ශ්‍රී ලාංකිකයින් දෙදෙනාම එම ගණිකා නිවාසය තුළ සිට ඇති අතර  අත්අඩංගුවට ගත් පසු සැකකරුවන් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ එක් ගනුදෙනුකරුවකුගෙන් කුවේට් ඩිනාර් 5 ක් අය කළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: