ලංකාවේ නොගිය Channel 1ක්, නොගිය programme 1ක් නෑ – සඳුන්

February 15, 2017 | 1:13 pm    0   437

ලංකාවේ නොගිය Channel 1ක්, නොගිය programme 1ක් නෑ – සඳුන්

කවද ද අලුත් video එකක් එළියට එන්නේ?
මේ මාසේ ඉවර වෙන්න කලින්.

ඒකත් අනිත් ගීත වගේම පැරදුණු ප්‍රේමවන්තයෙක්ගේ කතාවක් ද?
විරහවම තමයි. හැබැයි කලින් ගීතවලට වඩා වෙනසක් වෙයි.

සඳුන්ගේ target audience එක කවුද?
එහෙම විශේෂයක් නෑ. මාස 6 ඉඳලා අවුරුදු 60 වෙනකන් fansලා ඉන්නවා. මගේ සිංදු අහල නැළවෙන දරුවොත් ඉන්නවා. ඒ වගේ හම්බුණ අයගේ උදාහරණ නම් ඕන තරම් තියනවා.

සඳුන්ගේ හැම music video එකක්ම ලහිරු මුදලිගේම (හරි Creations) කරන්නේ ඇයි?
තනිවෙන්න එපා ගීතය කරන කාලේ ඉඳන් තමයි මම ලහිරු අයියව අඳුරන්නේ. මොකද මම හරි Creations ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා දැන් ගොඩක් කල් ඉඳලා. මට ඕන විදිහට ලස්සනට, නිර්මාණශීලීව වීඩියෝ එක හදාගන්න වගේම එයාලා එක්ක වැඩ කරන එකත් හරිම පහසුවක්.

කාගේ melodyවලට ද සඳුන් වැඩිපුරම sing කරන්න කැමති?
රදීශ් වැන්දබෝනා, චන්දන වල්පොල එක්ක මං වැඩ කරලා තියෙනවා. ඒ melodyවලට මං ආසයි. තව ආස කෙනෙක් තමයි කේශාන් පෙරේරා.

කරපු music videos තුනටම ධනුකව ගන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුණ ද?
මේ දවස්වල ඉන්න වැඩ පෙන්වපු නළුවෙක් ධනුක කියන්නේ. video එකට ගැලපෙනම කෙනාව තමයි තෝරගත්තේ.

සඳුන්ගේ ගීතවලින් පෞද්ගලිකව ඔයා කැමතිම ගීතය?
ආයෙත් වරක්.

මේ වෙද්දි TV interviews කීයකට විතර ගිහින් තියනව ද?
ලංකාවේ නො ගිය channel එකකුයි නො ගිය programme එකකුයි නැති තරම්.

Music showsවලට සඳුන් හරි කැමතියි කියන්නේ ඇත්ත ද?
ගායකයෙක් වෙන්න හීන දකින කාලේ ඉඳලා සජීවී ප්‍රසංග කලාවට මං හරි ආසයි. එතනදි ගායකයන්ට ලැබෙන cheer එක ආදරය ලබන්න මං හරි ආස කළා. ලංකාව වටේම ප්‍රසංගවලට සහභාගි වෙන්න. මං දැකපු හීනයක් එකෙන් සැබෑ වුණා.

මේ වෙද්දි වෘත්තියෙන් ගායකයෙක් ද?
ඔව්.

සඳුන් කොහොම ද ගායකයෙක් වෙන්නේ?
ඉස්සර මං ආස කළා ගායකයෙක් වෙන්න. ඒකට අඩිතාලම විදිහට මං ගීත රචනා කළා. ඒකෙන් ක්ෂේත්‍රයේ අය දැන හඳුනගන්න අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම් එක්ක කාලෙකට පස්සේ මං මගේම ගීතයක් කරනවා. මෙතෙන්දී චමත් සංගීත්, ලහිරු මුදලිගේ, සජිත් V.චතුරංග, ශෙහාන් මඩප්පුලි, චන්දන වල්පොල අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන.

පවුලේ විස්තර?
මගේ ගම මොරටුව. පවුලේ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි. අක්කා විවාහකයි. තව පවුලේ නො වන විශේෂ කෙනෙකුත් ඉන්නවා.

Duet එකකට කැමතිම female artist කවුද?
උමාරියා. හැබැයි ඒකට මට තව ගොඩක් කල් තියනවා.

කැමති නැද්ද තමන්ගේ music video එකක පෙම්වතාගේ චරිතය රඟපාන්න?
පොඩි අදහසක් තියනවා. ඉස්සරහට බලමු.

ඉදිරි වැඩ මොනව ද?
Audience එක ඉල්ලන දේවල් දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමදාම පපුවට දැනෙන්න කියනවා වගේ කකුල් දෙකට දැනෙන්නත් සිංදුවක් කරන්නයි ඉන්නේ.

Fansලට මොනව ද කියන්න තියෙන්නේ?
මේ දවස්වල මගේ නමින් Fake Facebook profile මාෆියාවක් තියනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා ආදරණීය රසිකයන්ගෙන් ඉල්ලනවා. මගේ කටහඬට පණ තියන තාක්කල් මං එයාලා වෙනුවෙන් ගායනා කරනවා. ආදරෙයි එයාලා හැමෝටම.

රිද්මි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: