ලංකාවේ රුපියල ඉතිහාසගත ලෙස බාල්දු කළ ටෙම්පල්ටන් අරමුද‍ල

March 3, 2017 | 10:44 am    0   549

ලංකාවේ රුපියල ඉතිහාසගත ලෙස බාල්දු කළ ටෙම්පල්ටන් අරමුද‍ල

රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්වෙමින් තිබෙනවා.

අමෙරිකානු ඩොලරයේ අගය හිටි හැටියේම ඉහළ යාමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ටෙම්පල්ටල් අරමුද‍ලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බවයි පසුගිය දා වාර්තා වුණේ.

මාර්ක් හෝබ්යන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුද‍ලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන යාමට හේතු වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බව ද රජයේ ආරංචිමාර්ග අනාවරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ඩොලර් බිලියන 8ක ප්‍රමාණයක් නැවත ගැනීමට ටෙම්පල්ටන් අරමුද‍ලේ ප්‍රධානී මාර්ක් හෝබ්යන්ස් පියවර ගෙන තිබීමත්, අමෙරිකා එක්සත් ජනපද ඩොලරය අවප්‍රමාණය වීමත් සමගම ඩොලරයේ අගය ඉහළ ගිය බවයි රජයේ ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙන්නේ.

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය පසුගිය දා වාර්තා වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් වුණා.

මේ අතර 2017 ජනවාරි 01 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ දී අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.6 කින්, බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 2.4 කින්, යූරෝට එරෙහිව සියයට 1.9 කින්, ජපන් යෙන්ට එරෙහිව සියයට 3.2 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.9 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: