ලංකාවේ වාර්තාව උදුරාගන්න අපිට ඕනි වෙලා තිබුනා – විරාත් කෝලි

August 17, 2017 | 8:18 am    0   395

ලංකාවේ වාර්තාව උදුරාගන්න අපිට ඕනි වෙලා තිබුනා – විරාත් කෝලි

ශ්‍රී ලංකා කණඩායම සමඟින් පැවතී ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකාවේදී පුර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තාකිරීමට පසුගියදා සමත් විය. 

තෙවන තරගය ආරම්භවීමට පෙර ඉන්දියානු නායක වීරත් කෝලි සඳහන් කලේ මෙම තරගයේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තබා තිබෙන එක ඉනිමකදී කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු ගණනේ වාර්තාව වන ලකුණු 952 අභිබවා යමින් එම වාර්තාව තමන් සතු කරගන්න බවයි. නමුත් ඔවුනට ප්‍රථම ඉනිමේදී ලබාගතහැකි වුයේ ලකුණු 487ක් පමණි.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව ඔහුගෙන් විමසු අතර එහිදී ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙලෙසය.

අපිට වාර්තාව ඕන වේලා තිබුණා.නමුත් අපිට මෙම තරගය ජයගෙන සුපිරිසිදු තරගාවලි ජයක් ලබා ගැනීම ඊට වඩා වැදගත් වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: