ලංකාවේ ශාලික එංගලන්තයේදී පන්දු 48න් 100ක් ගහලා

July 14, 2017 | 8:29 am    0   356

ලංකාවේ ශාලික එංගලන්තයේදී පන්දු 48න් 100ක් ගහලා

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන Derbyshire County League  නමැති එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ශාලික කරුණානායක පන්දු 48 න් සිය ශතකය වාර්තා කර  ඇත. එය තරගාවලි වාර්තාවක් බවට ද පත්ව ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

ශාලික පිටියට පිවිසේදදී සිය කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 159 ලෙස සටහන් වී තිබිණි. තමාගේ කණ්ඩායම් නායකයට එක්වූ ශාලික එහිදී ලකුණු 154 ක අගනා වටිනා සම්බන්ධතාවයක් පවත්වා ඇත්තේ තමාගේ පිත්තෙන් නොදැවී ලකුණු 102 ක් කණ්ඩායමට දායාද කරමිනි. මේ දර්ශනීය ඉනිම 6 පහර 11 න් සහ 4 පහර 6 න් වර්ණවත්වූ බවයි විදෙස් මධ්‍ය සඳහන් කරන්නේ. 

ශාලික ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙනි. මලියදේවයේ දක්ෂ ක්‍රීඩකයෙක් වූ ශාලික මලියදේව විද්‍යාලයෙන් සමුගන්නේ කණ්ඩායම් නායකත්වයද හිමිවුවාට පසුවය.

ඉන්පසු ඔහු මෙරට ප්‍රසිද්ධම ක්‍රීඩා සමාජ වන කුරුණෑගල, රාගම, බදුරලිය, ගුවන් හමුදා වැනි ක්‍රීඩා සමාජ  කිහිපයකටම සිය දායකත්වය ලබාදෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙනි. ඒ සෑම තරගයකදීම පන්දුවෙන් හෝ පිත්තෙන් දැනෙන්නට යමක් කිරීම ශාලිකගේ සිරිතය.

වරෙක ඉන්දියාවේ පැවති චැම්පියන් ලීග් ශුරතාවයට ද ශාලිකට සහභාගිවීමට වරම් හිමිවේ. එහිදී IPL තරගාවලියේදී ශුරයන්වූ ප්‍රබල කණ්ඩායම් වලට එරෙහිව ද ශාලික දස්කම් දක්වන්නේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙනි.

 

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන වරෙක BBC සේවයට පවසා තිබුනේ වයස 30 සම්පුර්ණ වූ දක්ෂ ක්‍රීඩකයන් රැසක් එංගලන්තයේ ක්‍රීඩා සමාජ කිහිපයකම ක්‍රීඩා කරන බවයි. ඔවුන් ලබා ඇති අත්දැකීම් වලින් මෙරටට ප්‍රයෝජනයක් නොගන්නවා මෙන්ම එම ක්‍රීඩකයන්ගේ අත්දැකීම් නවකයන්ට ලබා ගැනීමට ඇති අවස්ථාවද මේ නිසා නැති වී යන බවයි. මහේල ජයවර්දන යනු අවස්ථා කිහිපයකදීම දක්ෂතා දක්වන නවකයින්ට ජාතික කණ්ඩායමට එකතු වීමට අවස්ථාව හිමිකරදුන් අයෙකි.

පසුගියදා එංගලන්තයේ පැවති ශාලිකගේ මෙම ගිණි කෙලි සංදර්ශනයෙන් පසුව වත් මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ අවදානය ඔහු කෙරෙහි යොමු වනු ඇතැයි බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවේ. 

ශාලික පමණක් නොව මෙරට සිටි දක්ෂ යොවුන් ක්‍රීඩකයන් බොහොමයකට ජාතික කණ්ඩායමේ දොරගුළු විවර නොවුයේ මෙරට ක්‍රිකට් වල තැන ලැබෙන්නේ දක්ෂතාවයට වඩා එකිනෙකාගේ දැන හදුනුම්කම් මත බැවිණි. මේ නිසාවෙන්ම රටක් දිග්විජය කරන්නට සමත් දක්ෂයින් රැසකගේ සේවය ලක් මාතාවට අහිමි වුයේ අද ඊයේ නොවේ. ක්‍රිකට් වලින් දේශපාලනය ඉවත් කර දක්ෂයාට ඇත්තටම නිසි තැන ලැබෙනවා නම් අපි සිම්බාබ්වේ වැනි රටකට කිසිදා පරදින්නේ ද නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: