ලංකාවේ සෑදෙන උසම නත්තල් ගහ ගිනෙස් වාර්තාවකට සැරසෙයි

November 29, 2016 | 12:51 pm    0   999

ලංකාවේ සෑදෙන උසම නත්තල් ගහ ගිනෙස් වාර්තාවකට සැරසෙයි

ලොකු ලොකු දේවල් කරලා ගිනෙස් පොතට යන ලොකු ලොකු රටවල් අතරට අපේ රටත් මේ නත්තලේ record එකකට යනවා. ඒ ලෝකයේ උසම නත්තල් ගහ නිර්මාණය කරලා. පොඩි මිනිස්සු පොඩි ගාණක් එකට එකතුවෙලා සාමයේ පණිවිඩය ලෝකයට අරන් යන්න හදන මේ ලොකු වෑයමේ ආඩම්බරකාර කොටස්කරුවා හොයාගෙන අපි ගෝල්ෆේස් පිට්ටනියට ගියා.

වරායේ පැය 12 වැඩ කරලා ඇවිත් ලැබෙන නිවාඩු වෙලාවේ ගිනියම් වුණ ගෝල්ෆේස් පිට්ටනියේ මැද අව්ව වැස්ස නො තකා ලෝකයේ ලොකුම නත්තල් ගහ හදන හීනය හැබෑවක් කරගන්න දහඩිය එක්ක පොරබදින හැටි අපි අපේ ඇස්වලින් දැක්කා. ලෑලි පතුරුවල නිදාගෙන පොඩි පැළක කෑම උයාගෙන කාලා උදේ දවල් රෑ නො බලා වැඩ කරන මේ මිනිස්සුන්ගේ මුහුණුවල මහන්සියක් නම් පේන්න තිබුණේ නෑ. සතුටින් මේ දේවල් ගැනම උනන්දුවෙන් කතා කරපු හැම කෙනෙක්ම කීවේ එ යාලගේ ජීවිකාව රැකගන්න වරායේ රස්සාව ස්ථිර කරලා දුන්න අර්ජුන රණතුංග ඇමතිතුමා වෙනුවෙන් කරන කළ ගුණ සැලකීමක් විදියට මේ නිර්මාණය කරන්න හිතුවා කියලයි. ඒ ස්තූතිවන්ත වීම වෙනුවෙන් කරන මේ නිර්මාණය හින්දා ලංකාවට ලැබෙන කීර්තිය වගේම විදේශ විනිමය ගැනත් එයාලා කතා කළේ හරි උනන්දුවෙන්. ඒ ලැබෙන මුදල් වකුගඩු රෝගීන්ට අරමුදලක් විදියට දෙන එකයි මේ වෑයම පිටිපස්සේ තියෙන බලාපොරොත්තුව.

අඩි 325 ඉලක්ක කරගෙන පුළුවන් නම් ඊටත් එහා ගෙනියන්න බලාපොරොත්තු තියාගෙන වැඩ කරන අර්ජුන රණතුංග සමාජ සත්කාර ඒකකයේ පුරෝගාමීන් 10 දෙනා අතර එක්කෙනෙක් හැර අනිත් නවදෙනාම බෞද්ධයන් කියලයි ඔවුන් අපට කීවේ. මේ දසදෙනාට අමතරව තව පනහක් විතර වරායේ සේවකයන් මේ වෙනුවෙන් එයාලා එක්ක එකතු වෙලා ඉන්නවා කියලත් ඔවුන් මතක් කළා. ඒ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විදියට දවසින් දවස ඉහළ යන නත්තල් ගහ ගැන අර්ජුන රණතුංග සම්බන්ධීකරණ ලේකම් වන මංගල පී ගුණසේකර මහතා කතා කළෙත් හරිම විශ්වාසයකින්. වරායේ එක රුපියලක්වත් වියදම් නො කර විවිධ ආධාර, උපකාරවලින් උසම නත්තල් ගහේ ලෝක වාර්තාව තියන්න හදන මේ පිරිස ගැන ඔහුට තියෙන්නේ ලොකු විශ්වාසයක්. වරායේ රියදුරන් විදියට වැඩ කළත් විවිධාකාර දක්ෂතා හා නිර්මාණාමය හැකියාවන් එයාලට තියෙන හින්ද මේ වගේ භාරදූර වැඩකට අතගහන්න ඇමතිතුමා ඇතුළු ඔවුන් ඉඩ දුන්නා කියලයි එතුමා මතක් කළේ.
පයිනස් ගෙඩි ලක්ෂ ගාණක් එකතු කරගෙන හදන්න යන මේ උසට නත්තල් ගහේ මුල්ම සිතුවිල්ලේ අයිතිකාරයා වන H.D.M.නානායක්කාර කීවේ මේ නත්තල හැම නත්තලකටම වඩා ලස්සනම නත්තලක් කරන්න එයාලගේ මේ උත්සාහයට පුළුවන් වෙයි කියලයි. ඇත්තටම ඒක හැබෑවක් වේවි. මොකද පිටරට නත්තල් ගෙවෙන හැටි TV එකෙන්, Internet එකෙන් බලපු අපේ අයට ඒ වගේ අරුම පුදුම දේවල් දැක බලාගන්න පුළුවන් නත්තල් සමයක් ලෝ වටා ගොඩ නැඟෙනවා.

ලංකාවට අලුත් ජාත්‍යන්තර ආලෝකකරණයන් වගේම විවිධ තාක්ෂණික ප්‍රයෝග එක්ක surprise එකක් විදියට බබලවන්න කරන්න යන මේ නත්තල් ගහේ lighting බාරව ඉන්න මහින්ද හේවගේ අපට කීවේ මෙච්චර කාලයක් කවුරුත් දැකපු නැති අසිරමත් නත්තල් එළියක් මේ නත්තල් ගහෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා කියලයි. උසම උස නත්තල් ගහේ ඒ පාට පාට ආලෝකය යට පවුලේ අයත් එක්ක හිතේ හැටියට සතුටු වෙන්න පුළුවන් කානිවල් එකකුත් උදේ ඉඳලා රෑ වෙනකල්ම තියෙන නිසා කාටවත් නත්තල් ගහ විතරක් බලලා ගෙදර එන්න වෙන්නේ නෑ. ලෝක වර්තාවත් දකින්න වගේම සතුට උපරිමයෙන් විඳින්න පුළුවන් විදියට මේ කානිවල් එකත් සැලසුම් කරලා තියෙන්නේ. ඒක ඔයාලව තවත් surprise කරාවි. මොකද හැම කානිවල් එකකම දකින්න තියෙන විනෝද සෙල්ලම්වලට වඩා මේ කානිවල් එකේ විනෝදාංශ ගොඩක් අලුත් වගේම වෙනස්. ඉතින් අපේ රටේ නිර්මාණය වුණ නත්තල් ගහ ජාත්‍යන්තරයට යන වෙලාවේ සංචාරකයෝ ඇවිත් ඒක නරඹන වෙලාවේ ලංකාවේ මොන ආගමේ කෙනෙක්ට වුණත් ඒ අමරණීය අවස්ථාවට එකතු වෙලා සතුට ලබන්න වගේම surprise වෙන්නත් පුළුවන්. අන්න ඒ හින්දා දෙසැම්බර් 08 වෙනිදා ඉඳලා ජනවාරි 01 වෙනිදා වෙනකම් තියෙන මේ කානිවල් එකට වගේම සාමයේ පණිවිඩය ලෝකයට අරන් යන නත්තල් ගහ එක්ක එකතු වෙන්නත් Apple අපිත් ඔබට ආරාධනා කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: