ලංකාව දෙවැනි තරගයත් පරාදයි

February 2, 2017 | 8:45 am    0   377

ලංකාව දෙවැනි තරගයත් පරාදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟයෙන් ලකුණු 121ක ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 307ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 05ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස දකුණු අප්‍රිකාණු කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: