ලක්ෂ 30ක වල්ලාපට්ට තොගයක් කටුනායකදී අත්අඩංගුවට

September 22, 2017 | 12:40 pm    0   134

ලක්ෂ 30ක වල්ලාපට්ට තොගයක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු ඊයේ (21) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර මොහු ඊයේ (21) සවස 6.25 ට පමණ ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 225 දරන යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ විශේෂත්වයක් නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් , එය පරීක්ෂා කර බැලීමේදී එය තුළ සගවා ගෙන තිබූ මෙම වල්ලපට්ටා තොගය සොයාගෙන තිබු බවත් එහි වල්ලපට්ටා කිලෝ ග්රෑම් 50 ක් තිබී ඇති අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් බව රේගුව පවසයි .

සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක , රසික සමන්ජිත් සහ ශ්‍රී ලාල් ආනන්ද යන මහත්වරුන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඒ.හපුගස්කුඹුර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර , මේ පුද්ගලයාට රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: