ලක්ෂ 4 ක් විද්ද ෆෙස්බුක් හිතවතිය සොයා මෙහෙයුමක්

May 10, 2017 | 1:00 pm    0   234

ලක්ෂ 4 ක් විද්ද ෆෙස්බුක් හිතවතිය සොයා මෙහෙයුමක්

තමන් පිළිකා රෝගයෙන් පෙළෙන මිය යාමට ආසන්න බව පවසා තම සැමියාට අයත් මිලියන 9.4 ක ස්ටලිං පවුම් පාර්සලය ලබා ගැනිම‍ට සමාගම් අධ්‍යක්ෂකවරකුගෙන් රුපියල් හාරලක්ෂ විසි පන්දහසක මුදලක් වංචා කළ අන්තර්ජාලය ෆෙස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හදුනා ගත් කාන්තාවක අත්අඩංගුවට ගැනිම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවට රහස් පොලිසිය ඊයේ(09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දුන්නේය.
අන්තර්ජාලයේ ‍ෆෙස්බුක් වෙබ් අඩවිය ඔස්සේ පැමිණිලිකරු විසින් ‍ඇබ්ගල් චාල්ස් නැමැති සැකකාරිය හදුනා ගෙන මිතුදමක් පවත්වාගෙන ගොස් ඇත.
තම සැමියා සිරියානු යුද්ධයේ දී මිය ගිය බවත් ඔහුට අයත් ස්ටලිං පවුම් මිලියන 9.5 ඇති බවට පවසා ඇත.
මෙම මුදල 65% සුභසාධන කටයුතු සදහා ද ,35% තමන්ට හා ඉතිරි 5% වියදම් සඳහා යොදා ගන්නා ලෙසට සැකකාරිය පැමිණිලිකරු වෙත පවසා ඇත.
තමන් පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් මිය යාමට ආසන්න හෙයින් මුදල් පාර්සලය රෝයල් ස්කොට්ලන්ඩ් බැංකුව වෙත භාර දුන් බවත් එම පාර්සලය ලබා ගැනිමට ඇමරිකානු ඩෝලර් 1200ක් සැකකාරිය ලබා දුන් බැංකු ගිණුමක තැන්පත් කරන ලෙස ඇය පැමිණිල්ල වෙත පවසා ඇත.
ඒ අනුව පැමිණිලිකරු අදාල මුදල බැංකු ගත කළ ද මුදල් පාර්සලය නොලැබුණු බවට පැමිණිල්ලේ සදහන්ය.
කටුවාන හෝමාගම පදිංචි බාලවඩුගේ ජනක ප්‍රශාන්ත මෙන්ඩිස් මෙම සිද්ධියේ පැමිණිල්ල වේ.
මුදල් තැන්පත් කරන ලද ගිණුම හා එම මුදල් ලබා ගත් පුද්ගලයින් සම්බන්ධ සි.සි.ටි.වි දර්ශන ද නරඹා විමර්ශන පැවැත්විමට රහස් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණ.
අදාළ නියෝග නිකුත් කළ අධිකරණය විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනිමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: