ලලිත්ට, අනුෂට බරපතල වැඩ සහිත වසර 03ක සිර දඬුවම්

September 7, 2017 | 1:15 pm    0   469

ලලිත්ට, අනුෂට බරපතල වැඩ සහිත වසර 03ක සිර දඬුවම්

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ලැබ පැවැත්වූ නඩු විභායකින් අද (07) වරදකරුවන් බවට පත් කෙරුණු  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට දෙදෙනාට වසර 03 බැගින් බරපතල වැඩසහිතව සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 20 බැගින් දඩ නියම කර තිබෙනවා. 

ඉකුත් ජනාධිපතිවර සමයේදී එක් අපේක්‍ෂකයෙකුට වාසි වන පරිදි සිල්රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් සාපරාධි පරිහණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.

විත්ති පාර්ශ්වය නඩුවේදී ප‍්‍රකාශ කළේ අදාළ මුදල් ජනාධිපති වැය ශීර්ෂයෙන් ලබාගැනීමට මුලින් අපේක්‍ෂා කෙරුණත් එහි මුදල් නොමැතිවීම නිසා අදාළ මුදල් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගිණුමෙන් ලබාගත් බවයි.

නමුත් ඒ සඳහා විධිමත් පටිපාටීන් අනුගමනය කර නැතැයි නඩුවේදී පෙනී ගිය බව විනිසුරුවරයා පැවසුවා.

විනුසුරුවරයා සඳහන් කලේ වීදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුණුවලටද මෙලෙස සිල්රෙදි බෙදාදීම නොගැලපෙන්නක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: