ලාංකේය සිනමාව ගොඩගන්න යෝජනාවට සෝමරත්න දිසානායක හරස්වේ

March 2, 2017 | 10:01 am    0   448

ලාංකේය සිනමාව ගොඩගන්න යෝජනාවට සෝමරත්න දිසානායක හරස්වේ

ලාංකේය සිනමාව අනතුරේ මැයෙන් ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය ප‍්‍රමුඛ සිනමා ශිල්පීන්ගේ සංගම් සියල්ල විසින් සිනමාව රැක  ගැනීම සදහා සකසන ලද යෝජනාවලියක් පසුගියදා එලි දැක්වුනා. මේ මාධ්‍ය හමුවට පැමිණ සිටි ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා මෙම යෝජනාවලිය විවේචනය කළ අතර තමන්ගේද සංගමයක් ඇති බව ප‍්‍රකාශ කරමින් සභාව තුළ නොසන්සුන්තාවයක් ඇති කරගනිමින් හැසිරෙන අයුරු දක්නට ලැබීය. මෙහිදී අදහස් දැක් වී ප‍්‍රවීන රංගන ශිල්පී හා ඡායාරූප ශිල්පී උදේනි අල්විස් මහතා අපූරු කතාවක් කරමින් ඉතිහාසයේ පටන්ම සිනමාව වේදිකාව හා ටෙලි නාට්‍ය සම්බන්ධව ඇති ගැටලු නිරාකරණය කිරීමට නොහැකි වූයේ හැමෝම එකට එක් නොවී මම, මම, මම, ලෙස ආත්මාර්ථාමීව සිතමින් තමන්ගේ වැඩේ පමණක් කරගන්නට උත්සහා කළ නිසා බවත්, අපි අපි අපි ලෙස සිතන කාලයක් එනතෙක් මේ ගැටලු නොවිසදෙන බවත් දැන්ත් විවිධ පෞද්ගලික කාරණා නිසා මෙවැනි ප‍්‍රයත්න කඩාකප්පල් නොකර එකට එක්විය යුතු බවත් පැවසීය. මෙහිදී සෝමරත්න මහතාගේ කතාවට එරෙහිව ආවේගශීලීව අදහස් දැක්වූ ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ  ජයන්ත චන්ද්‍රසිරි මහතා. විවිධ සංගම් තිබුනත් තවමත් සිනමා කරුවන් වෙනුවෙන් නිසි වැඩ පිළිවෙළක් නැති බවත්, විශේෂයෙන් හෙට බිහිවන තරුණ සිනමාකරුවන් මේ නිසා දැඩි අනතුරක සිටින බවත් එ් වෙනුවෙන් පෞද්ගලික ලාභය ප්‍රයෝජනය නොබලා සියල්ලන්ම කඩාකප්පල් නොකර මෙම ක්‍රියාන්විතය සඳහා  එකතු වියයුතු බවත් දැක්වීය.

මෙම අවස්තාව සඳහා ධර්මසෙන පතිරාජ, බෙනට් රත්නායක, ජැක්සන් ඇන්තනි, උදයකාන්ත වර්ණසූරිය, සෙනේෂ් බණ්ඩාර දිසානයක, ජීවන් කුමරතුංග, සුනිල් ටී වැනි චිත්‍රපට අධයක්ශවරු, නිශ්පාදකවරු, නලු නිලියන් සහ කාර්මික ශිල්පින් ඇතුලු කලාකරුවන් රැසක් සහබාගි විය.

මෙයට පෙරද සෝමරත්න දිසානායක මහතාගේ ‘සූරිය අරණ’ හා බූඩිගේ  ‘මිල්ල සොයා’ චිත‍්‍රපටය හොදම චිත‍්‍රපටය ලෙසම නම්කරන්නැයි කියමින් සිදුකල බලපෑම් සම්බන්ධව ඇතිවූ ගැටලුවක් නිසා ‘මිල්ලෙ සොයා’  චිත‍්‍රපටය හොදම චිත‍්‍රපටය ලෙස නම් කරණ ලෙස පැවසූ ජූරිය බහුතරය බලපෑමට එරෙහිව විරෝධයදක්වා ඉල්ලා අස් වූ අතර ‘සූරිය අරණ’ හොදම චිත‍්‍රපටය ලෙස නම් කරන ලෙස බහුතර ජූරියට බලපෑම් කළ ජූරියේ සභාපති ප‍්‍රමුඛ අනිත් සාමාජිකයාද ඉල්ලා අස්විය. එම සිදුවීම ලෝක සිනමා ඉතිහාසයේ සම්මාන උළෙළක සිටි ජූරියේ සියළු සාමාජිකයින් එකවර ඉල්ලා අස්වන ලද ප‍්‍රථම අවස්ථාවද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: