ලිපි ලක්ෂ 4 එක තැන, තැපැල් වර්ජනය අඛණ්ඩව

June 29, 2017 | 3:55 pm    0   131

ලිපි ලක්ෂ 4 එක තැන, තැපැල් වර්ජනය අඛණ්ඩව

සිය ගැටලුවලට නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

මෙම වැඩ වර්ජනය පිලිබඳ විමසීමේදී එම පෙරමුණේ කැඳවුම්කරු චින්තන බණ්ඩාර ප්‍රකාශ කලේ අද (29) දිනයේ මෙම ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇතැයි තමා විස්වාසය පලකරන බවයි.

තැපැල් කාර්යාල කිහිපයක් සංචාරක හෝටල් කිහිපයක් වෙනුවෙන් ලබාදීම ඇතුළු පරිපාලන ගැටලු කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයින් පසුගිය 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ අඛණ්ඩ වැඩ වර්ජනය මේ වනතුරුත් ක්‍රියාත්මකය.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.

තවද විශ්වවිද්‍යාල වලට ඇතුලත්වන නවක සිසුන්ට ඒ සඳහා අන්තරජාලය ඔස්සේ ලියාපදිංචිවීමට ලබාදී තිබු කාලය ද ජුලි 7 වැනිදා දක්වා දීර්ඝ කර ඇත්තේ මෙම වැඩ වර්ජනය නිසාවෙන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: