ලීසිනුත් අරන් ඉවරයි සහෝ

January 23, 2017 | 12:30 pm    0   725

ලීසිනුත් අරන් ඉවරයි සහෝ

කල්බදු ක්‍රමයට වාහන ලබාදීම පිළිබඳව නව රෙගුලාසියක් පසුගිය අයවැය මඟින් යෝජනා කළා මතක ද? ඔන්න මලේ වැඩේ පත්තුවෙලා… රථගායටත් තිත වගේ තමයි දැන්.

කල්බදු කිව්වම නිකන් ඇඟට දැනෙන්නෑ වගේ නේද? ඔය ලීසින් කියන්නේ ඒක තමයි මේ කියන්නේ. ඉතින් මේ යෝජනා යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය ත්‍රීරෝද රථ සඳහා 25%ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50%ක්, ලොරි හා බර වාහන සඳහා 90%ක් වන පරිදි ක්‍රියාවට නැංවෙන බව පසුගිය 18 වෙනිදා රජය දැනුම් දුන්නා.

ඒ කියන්නේ මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා ලීසිං ආයතන වෙත ලබාදී ඇති උපදෙස් පරිදි, මෙම වසරේ සිට ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථ ලීසින් එකක් දාලා ගන්න ක්‍රමයට නව නියාමන ක්‍රමවේදයක් වෙනවා. ඒ කියන්නේ කොල්ලෙක් ත්‍රීරෝද රථ මිලදී ගන්නකොට මෙතෙක් පැවති වටිනාකමින් 10%ක මුදලක් ගෙවල අරගන්න තිබුණ චාන්ස් එක බ්ලොක් වෙනවා. අලුත් ක්‍රමේට අනුව ටුක් ටුක් එකක් ගන්නවා නම් වටිනාකමින් 75%ක මුදලක් ගෙවා ත්‍රීරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබාගන්න සිද්ධ වෙනවා.

ඊට අමතරව රථවාහන නීති සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් යෝජිත නීති නුදුරේදී සංශෝධනය කිරීමට නියමිත බව ආරංචියි. මේ ලීසින් කේස් එක ගෙන්න වැඩිපුරම බලපාල තියෙන්නේ ත්‍රීරෝද රථ භාවිතය සම්බන්ධයෙන් පාලනයක් ඇති වෙයි කියල බලාපොරොත්තුවෙන් ලු.
කොහොම වුණත් අපේ කොල්ලේ ඉස්කෝලෙන් එළියට එනකොටම ත්‍රීවිල් එකක් අරන් පාරට ජීවිතේ දියකරන එකත් මහා අපරාධයක් තමයි… රථගාය තියෙන අපේ සෙට් එක දැනුවත් කරන්ට එපැයි මේ සිද්ධි ගැන. ඒකයි මේ සීන් එක කිව්වේ…

කාර් එකක් වෑන් එකක් ගන්නවා නම් වාහනේ ගානෙන් බාගයක් ගෙවන්න වෙනවා. සැප ඉතින් එතකොට කනෙන්නේ මල්ලි… හිත රිදෙනවා හරියට… නෙහ්… අවුරුදු ගාණක් කට්ට කාලා පුංචි වණ්ඩියක් ගන්න බලන් ඉඳපු කොල්ලොන්ට කෙල්ලොන්ට මේ සිද්ධිය අවුල්… එත් රථගාය අතාරින්නෙපා සුදෝ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: