ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට පත්වේ

July 4, 2017 | 10:11 am    0   245

ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට පත්වේ

නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව ජනාධිපති මෛත්‍රීපාල සේනානායක මහතා විසින් පත්කර ඇත. ඒ මිට පෙර යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කල ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාව පසුගිය සතියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කිරීම නිසා යුද හමුදාපති ධුරය පුරප්පාඩු වූ නිසාවෙනි.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට අද (04) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් මෙම නව පත්වීම ලබා දී ඇති අතර, හෙට (05) ඒ මහතා වෙනුවෙන් යුද හමුදා උත්තමාචාර පෙළපාලියක් ද යුද හමුදා මුලස්ථානයේදී පැවැත්වේ.

1989 වසරේදී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් යුද හමුදා සේවයට එක්වූ  මහේෂ් සේනානායක මහතා ඉන් අනතුරුව ඉංජිනේරු රෙජිමේන්තුවට එකතු විය. එම රෙජිමේන්තුව තුල සේවය කිරීමේ හැකියාව තිබියදීත් සිය මව්බිම වෙනුවෙන් කටයුතු කිරීමේ උතුම් අරමුණින් ඔහු එවර  යුද හමුදා විශේෂ බලකායට එකතු වන්නට තීරණය කරනු ලැබීය. එම එකතුවීමේ අවසන් ප්‍රතිපලය වුයේ  ඒ මහතාට  යුද හමුදා විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපතිවරයා වශයෙන් ද  කටයුතු කරන්නට අවස්ථාව හිමිවීමයි. සේනානායක මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: