“ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකරණයේ” – ආමන්ත විජේසූරිය

August 22, 2017 | 3:24 pm    0   684

“ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකරණයේ” – ආමන්ත විජේසූරිය

අපේ ක්‍රීඩකයන්ගේ හැකියාවන්වල කිසිම අඩුවක් නොමැති බවත්, ප්‍රශ්නය තිබෙන්නේ එයාලගේ හැකියාවන් කළමනාකරණය කරන්නේ කොහමද කියන කාරණාව පිළිබඳව බවත් ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී ආමන්ත විජේසුරිය මහතා පැවසිය. ඔහු එලෙස ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල ඇතිවී ඇති වත්මන් අර්බුධය සහ එයට වගකිවයුත්තේ කවුරුන්දැයි ඉරිදා ඇපල් පුවත්පත ඔහුගෙන් සිදුකල විමසීමකදීය.

එතැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. දැන් වෙලා තියෙන්නෙ ක්‍රීඩකයන්ගේ තනි තනි දක්ෂතාවල තමයි සෙල්ලම් කරන්නේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හැමෝම හිතුවා ඇන්ජලෝ නායකත්වයෙන් ඉවත් කළාම සේරම ප්‍රශ්න විසඳෙයි කියලා. ඒත් දැන් තේරෙනවා තත්ත්වය ඊටත් වඩා බරපතලයි කියලා. ඒවා බොහොම සුළු දේවල්. මෙතන ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකරණයේ. විශේෂයෙන්ම අසංග ගුරුසිංහගේ කාර්යභාරය කුමක්ද? කණ්ඩායම් කළමනාකරණය වගේම තමයි ක්‍රීඩකයන් කළමනාකරණය. ඒකත් අද තියෙන්නේ ලොකු අවුලක. ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වුණාම මොකක්ද ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය? මෙන්න මේ දේවල් විසඳගත්තොත් ලංකාවේ ක්‍රිකට් හොඳ තැනකට ගන්න පුළුවන්.

සචිත් යාපා 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: