ලොරියක හැපුණු යතුරුපැදි කරුවෙක් පිටකෝට්ටේදී මරුට (ඡයාරූප සහිතයි)

July 21, 2017 | 2:55 pm    0   363

ලොරියක හැපුණු යතුරුපැදි කරුවෙක් පිටකෝට්ටේදී මරුට (ඡයාරූප සහිතයි)

යතුරුපැදියක පැමිණි තරුණයෙකු පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිටදී නගර සභාවේ කුණු ලොරියක ගැටීමෙන් අද (21) මිට සුළු මොහොතකට පෙර එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇත.

රාජගිරිය දෙස සිට අධික වේගයකින් පැමිණ ඇති යතුරුපැදිකරු නගර සභා කුණු ලොරියේ ගැටී ඇත්තේ වේගය පාලනය කරගත නොහැකිව බව සිද්දිය ඇසින් දුටුවෙකු පැවසිය.

ලොරියේ ගැටීමෙන් තරුණයාගේ හිස සම්පුර්ණයෙන්ම ලොරියේ පසුපස රෝදයට යටවී එතනම මියගොස ඇත. පොලිසියට දැනුම්දීමෙන් පසු එම තරුණයාගේ සිරුර කළුබෝවිල රෝහල වෙත යවා ඇත.

මෙම ස්ථානය නිතරම රථවාහන තදබදය පවතින ස්ථානයක බවද ඒ අවට සිටියවුන් ප්‍රකාශ කළේය.

තරුණයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙලිකරගැනීමට අපොහොසත්වූ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරට හේතුවූ ලොරි රථය සහ එම රථය රියැදුර ඇතුළු රෝරියේ පැමිණි සියලුදෙනා මිරිහාන පොලිසිය වෙත රැගෙන ගියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: