ලොව හොඳම නිරූපිකාව චූලක්‍ෂි රණතුංග

May 30, 2017 | 5:15 pm    0   306

ලොව හොඳම නිරූපිකාව චූලක්‍ෂි රණතුංග

මෙවර ස්පාඤ්ඤයේ පැවති අන්තර්ජාතික මොස්තර නිරූපණ ශිල්පී තරගාවලියේදී හොඳම මෝස්තර නිරූපණ ශිල්පිණිය ලෙස කිරුළ හිමිකරගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ චූලක්‍ෂි රණතුංගය. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් විශාල කීර්තියක් ගෙනදීමට සමත් වූ ඇය “ඇපල්” වෙත සිය අදහස් දැක්වූයේ මෙලෙසිණි.

ඔබ හොඳම මෝස්තර නිරූපණ ශිල්පිණිය ලෙසින් සම්මානයට පාත්‍ර වෙනවා. මොකද හිතෙන්නේ ඒ ගැන?
ඇත්තටම ගොඩාක් සතුටුයි. ශ්‍රී ලංකාව කියන්නේ මෙන්න මේ වාගේ රටක් කියලා පෙන්වන්න ගොඩාක් මහන්සි වුණා. අවසානෙදී මට සාර්ථක වෙන්න ලැබුණා. කළින් අන්තර්ජාතික තරගවලට ඉදිරිපත් උනත් ජයග්‍රහණයක් ලැබුණේ පළමු වතාවට. ඒ වාගේම රට වෙනුවෙන් ජයක් අත්කරලා දීමට හැකිවීම පිළිබඳව ආඩම්බරයකුත් තියෙනවා.

2014 වසරේදී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගන්නවාත් සමඟ මෙරට නිරූපණ ක්‍ෂේත්‍රයේ නැතිවම බැරි කෙනෙක් වෙනවා. ඒ මතකය අලුත් කළොත්?
මම මේ ක්‍ෂේත්‍රයට අවේ ගොඩාක් දුෂ්කරතා මැද නිතරම වැටී වැටී නැඟිටපු කෙනෙක් මම. 2013 වසරේදී මට මිස් ශ්‍රී ලංකා කිරුළ අහිමි වුණා. ඒත් මම උත්සාහය අත්හැරියේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදියට 2014 ජයග්‍රහණය කළා. ස්පාඤ්ඤයට පා තැබූ මොහොතේ ඉඳලා ශ්‍රී ලංකාව කියන අනන්‍යතාවය ලෝකෙට පෙන්නන්න තමයි උත්සාහ කරේ.

මෙවර තරගාවලියට ඉදිරිපත්වීමට ඔබට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
මම මේක අවස්ථාවක් තරගන්නවා කමිල් හේවාවිතාරණ සහ බ්‍රයන් කර්කොවන් යන මහත්වරුන්ට ස්තූතිකිරීමට. ඔවුන් තමයි මේ තරගාවලියට මාව තෝරාගත්තේ. ඊට අමතරව හිරාන් සහ මහින්ද විජේසිංහ යන මහත්වරු විශාල වශයෙන් උදව් කළා. මේ ක්‍ෂේත්‍රයට එන මඟපෙන්වපු මුල්ම ගුරුවරයා රොෂෑන් ඩයස් මහත්මිය. ඒ හැමොගේම උදව් නිසා තමයි මේ වගේ ජයග්‍රහණයක් ලැබුණේ ඇත්තටම.

නිරූපණ ක්‍ෂේත්‍රයෙන් සිනමාවට එන්නේ කොහොමද?
මම සිනමාවට ගේන්නේ ප්‍රියන්ත කොළඹගේ මහතා ඒ දේදුණු ආකාසේ සිනමාපටයේ ප්‍රධාන නිළිය විදියට මාව තෝරා ගැනීමත් සමඟයි.

ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
දැනට එවන් අදහසක් නැහැ. ඉදිරියේදී අදහසක් ඇතිවෙන්නත් පුළුවන්. දැනට මගේ වැඩකටයුතුත් එක්ක අමාරුයි.

ඉදිරියේදී ඔබ ප්‍රේක්‍ෂකයා හමුවට එන නිර්මාණ මොනවාද?
දේදුණු ආකාසේ සිනමාපටය අගොස්තු මාසයේ තිරගත වීමට නියමිතයි.

පෙම්වතියක් නේද?
නැහැ

අනාගත බලාපොරොත්තු ගැන සඳහන් කළොත්?
දක්‍ෂ ව්‍යාපාරිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුව.

අපේ අනාගත තරුණ පරම්පරාවට දෙන්න තියන පණිවුඩය කුමක්ද?
කිසිම කෙනෙක් උපතින් මොකුත්ම ගෙන්නැහැ. තමන්ට අවශ්‍ය දේ මහන්සිවෙලා ලබාගත යුතුයි. අරයා දක්‍ෂයි, මෙයා දක්‍ෂයි කියලා හිතන්නැතුව තමන්ගේ දක්‍ෂතාවයෙන් ඉදිරියට යන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්.

අතිශය කාර්යබහුල මොහොතක ඇපල් සමඟ කතාබහට එකතු වූ චූලක්‍ෂිට ඇපල් අපේ සුබ පැතුම් එක්කරමින් ඇගේ කතාබහට සමුදුන්නා.

සචිත් යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: