ලෝකේ ලොකුම ගුවන් යානයත් අරන් ලංකාවට ආපු අපේ ගුවන් නියමුවා

August 17, 2017 | 8:39 am    0   126

ලෝකේ ලොකුම ගුවන් යානයත් අරන් ලංකාවට ආපු අපේ ගුවන් නියමුවා

ලොව තිබෙන විශාලතම මගී ගුවන් යානාවන්ගෙන් එකක් වශයෙන් සැලකෙන A-380 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලාංකිකයෙක් පසුගියදා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට රැගෙන එනවා.

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය රැගෙන එන්නේ එහි නියමුවා වශයෙන් කටයුතු කල උදය තිලකරත්න.

මෙම ගුවන් යානාවන්ට එකවර මගින් 540ක් රැගෙන් ආදී 43,000ක් ඉහල අහසේ පියාසර කිරීමේ හැකියාව පවතිනවා.

ලොව විශාලතම ගුවන් යාන ගොඩ බැස්සවිය හැකි පරිදි කටුනායක ගුවන් පථය මේ වනවිට සංවර්ධනය කර ඇත. මිට පෙර එම ගුවන් පථයේ පළල මීටර් 60ක් වූ අතර නවීකරණය කිරීමෙන් පසු එය මීටර් 75ක් දක්වා පුළුල් කිරීමට හැකිවී තිබේ.

කොළඹ සිට ගුවන් ගමන් සිදු කිරීමට එම ගුවන් පථය පරික්ෂ කිරීමට මෙලෙස මෙම යානය කටුනායකට පැමිණ තිබේ.

මෙහි නියමුවා වන උදය තිලකරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වින් තිලකරත්නගේ පුතෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: