ලෝක ඒඩ්ස් දිනය අදයි.

December 1, 2016 | 1:06 pm    0   937

ලෝක ඒඩ්ස් දිනය අදයි.

“එච්. අයි. වී. නිවාරණය සඳහා දෑත් ඔසවමු” යන තේමා පාඨය මුල් කරගෙන මෙවර ලෝක ඒඩ්ස් දිනයේ කටයුතු ක්‍රියාත්මක වේ.

මෙවර HIV ඒඩ්ස් ආසාදනය වුනු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකිරීමට වැඩි අවධානයක් යොමු කරනු ඇත. ශ්‍රී ලංකාවේ මේ මේ වන විට ඒඩ්ස් රෝගීන් 4200 ක් පමණ ජීවත් වන බවත් එම රෝගීන්ගෙන් 2502ක් පසුගිය සැප්තැම්බර මාසය වන විට නිශ්චිතව හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් 405ක් මිය ගොස් ඇති අතර අද වන විට 2100 දෙනෙකු ජීවත්ව සිටින බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ ආසාදිතයන්ගෙන් හරි අඩක් පමණ තමන්ට මෙම වෛරසය ආසාදනය වී ඇති බව නොදැන සිටීම මෙහි ඇති අනතුරුදයකම තත්වය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: