ලෝක ශූරතා තරගාවලිය රුසියාවට තහනම් වෙයි

February 12, 2017 | 8:48 am    0   438

ලෝක ශූරතා තරගාවලිය රුසියාවට තහනම් වෙයි

රුසියානු මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිවන් හට පැවැත්වීමට නියමිතව ඇති ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය අහිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ තහනම් උත්තේජකයන් ලබා ගැනීම හේතුවෙන් රුසියානු මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිවන් හට ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සංගමය විසින් පනවා තිබු තහනම තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙනි.

ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය මෙම වසරේ අගෝස්තු මස 4 වැනිදා සිට 13දා දක්වා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල පැවති ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රුසියානු මලල ක්‍රීඩාව පුරා පැතිරුණු තහනම් උත්තේජක භාවිතා කිරීමේ ජාලයට රජයේද අනුග්‍රහය හිමි වී ඇති බවට පළ වූ ස්වාධීන වාර්තාව සැලකිල්ලට ගනිමින් පසුගිය 2016 වසරේදී ජාත්‍යන්තර ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් රුසියානු මලල ක්‍රීඩා සම්මේලනය අත්හිටුවීමට පියවර ගත්තේය.

මෙම තීන්දුවට එරෙහිව රුසියානු ඔලිම්පික් සංගමය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනෙක් අභියාචනයක් ඉදිරිපත් කල අතර දෙපාර්ශවයේ ම කරුණු දැක්වීම් වලට සවන්දීමෙන් අනතුරුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය පනවා ඇති තරග තහනම එලෙසම පැවතීම යෝග්‍ය බවට ක්‍රීඩා ගැටළු බේරුම් කිරීමේ ජාත්‍යන්තර උසාවිය තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: