ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුලුවට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිතත්

May 18, 2017 | 3:00 pm    0   204

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුලුවට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිතත්

ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුලුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය. ලබන 22 දින ආරම්භ වන සමුලුව 31 දක්වා පැවැත්වෙයි. මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය. තව ද පොදූ රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ඇමතීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවෙි පැවැති පොදූ රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුලුවෙි දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශණය ද මෙම සමුලුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සෞඛ්‍ය සේවාව නංවාලීමෙි ව්‍යාපෘති රැස්වීම් කිහිපයකට සහභාගි වෙයි. “සියලු කාන්තාවන්, සියලු දරුවන්” යන තේමාව යටතේ මෙන්ම ගර්භණී සමයේ දී දියවැඩියාවට මුහුණ දෙන කාන්තාවන් පිළිබදව ද විශේෂ සාකචිඡාවට කිහිපයක් ද ඇතුලත් වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුලුවෙදී නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කිරීමට නියමිතය. වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මියගේ දිගු සේවා කාලය පුර්ණවීම ඊට හේතුවයි. අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා පකිස්ථානය, ඉතියෝපියාව සහ එක්සත් රාජධානියෙන් අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටිී. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය නියෝජනය කරයි.
මෙි අතර ජීනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුලුවට අමාත්‍යාංශ නියෝජිතයින් විශාල සංඛ්‍යාවක් සහභාගිවීම පිළිබදව පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගයෙන් ක්‍රීයාත්මක ගෝලීය සහ කළාපීය ක්‍රියාකාරකම් පිළිබද සාකචිඡා කිරිම මෙම සමුලුවෙි අරමුණයි. මෙම වසරේ සංචාරයට එක්වන කණ්ඩායම ඒ සදහා සුදූසුම වෛද්‍යවරුන් සහ විශේෂඥයින් පිරිසක්. මින් බොහෝ දෙනෙකුගේ සංචාරය සදහා වියදම් ඔවුන් අනුයුක්ත වෘත්තීය ආයතන මගින් දරණ අතර, අමාත්‍යාංශය මගින් ඊට කිසිදූ මුදලක් වැය නොකරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මාධ්‍ය ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: