වට්‌මෝර් පාසල් පිලක් බාර ගනියි

January 16, 2017 | 11:34 am    0   577

වට්‌මෝර් පාසල් පිලක් බාර ගනියි

ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාල ක්‍රිකට්‌ කණ්‌ඩායමේ විශේෂඥ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු ඩේව් වට්‌මෝර් මහතා බඳවා ගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ ක්‌ෂේත්‍රයේ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස මෙතරම් අත්දැකීම් බහුල ජාත්‍යන්තර පුහුණු කරුවකුගේ සේවය ලබාගත් ප්‍රථම අවස්‌ථාව ලෙස මෙය සැලකේ.

දිනේෂ් කුමාරසිංහ මහතා තවදුරටත් ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වට්‌මෝර් මහතා කලක්‌ බංග්ලාදේශ හා පකිස්‌තානු ජාතික කණ්‌ඩායම්වල පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර ඔහු අවසාන වශයෙන් ජාත්‍යන්තර පුහුණු කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ සිම්බාබ්වේ ජාතික කණ්‌ඩායම සමගිනි.

එළඹෙන නිල්මහ සටන ක්‍රිකට්‌ තරගය වනතුරු ඔහුගේ සේවය ලබාගැනීමට ශාන්ත තෝමස්‌ කණ්‌ඩායමට හැකිවනු ඇති බව මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: