“වත්මන් සමාජය අන්තරජාලයෙන් වැඩිපුරම හොයන්නේ කුණු රහ” – චතුරිකා පීරිස්

July 16, 2017 | 12:32 pm    0   358

“වත්මන් සමාජය අන්තරජාලයෙන් වැඩිපුරම හොයන්නේ කුණු රහ” – චතුරිකා පීරිස්

අන්තර්ජාලය හරහා ලීක්වෙන වීඩියෝ පිලිබඳ වත්මන් සමාජය තුළ සිදුකෙරෙන සංවාදය  අන් කවරදාටත් වඩා ඉහළ මට්ටමකට ඇවිත්. මේ සඳහා බෙහෙවින්ම බලපාලා තියන්නේ සමාජයේ නමක් දිනාගත්තු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වීඩියෝ අන්තර්ජාලය හරහා සීග්‍රයෙන් හුවමාරු වීම.

එසේ හුවමාරු වන වීඩියෝ පිලිබඳ සමාජයේ මෙතරම් කතාබහක් ඇතිවී තිබෙන්නේත් නිකන්ම නෙවෙයි. ඒවායින් බහුතරයක් අපි එම පුද්ගලයන්ගෙන් කිසිදාක අහන්න දකින්න බලාපොරොත්තු වුනු දේවල් නොවීම තමයි මේ සියල්ලටම හේතුව.

ඉරිදා ඇපල් පුවත්පත පසුගියදා මේ පිළිබඳව ජනප්‍රිය නිළි චතුරිකා පිරිසගෙන් විමසුවා.

අන්තර්ජාලය කියන්නේ තැනගේ පුද්ගලිකත්වය විදහාපාන දෙයක්වත් තවත් කෙනෙක්ගේ පුද්ගලිකත්වය විදහාපාන දෙයක්වත් නොවන බවයි ඇය සඳහන් කලේ.

ඒ වගේම තමයි වර්තමාන සමාජයේ මිනිස්සු වැඩිපුරම පුරුදුවෙලා ඉන්නේ කුණුරහ හොයන්නලු. ඒ නිසා තමන්ගේ පුද්ගලිකත්වය අරක්ෂකරගැනීම තමන්ගේ වගකීමක් කියලත් ඇය කියනවා.

“පුද්ගලික වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහරින එක සමාජ විරෝධී ක්‍රියාවක්. ඒ වගේම එක අනවශ්‍ය දෙයක්. අන්තර්ජාලය පොඩි ළමයි භාවිත කරනවා කියල හැමෝටම අමතක වෙලා.”

අන්තර්ජාලය භාවිත කිරීමේ ආචාරධර්ම පිලිබඳ දැනුම්වත් වෙලා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඒක ඉදිරි පරපුරටත් ප්‍රයෝජනයක් වේවි කියලා චතුරිකා පීරිස් විශ්වාසය පල කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: