වමතින් තරග කරමින් කෙළිබිමේ වාර්තා තැබූ Natalia Partyka

January 3, 2017 | 4:30 pm    0   638

වමතින් තරග කරමින් කෙළිබිමේ වාර්තා තැබූ Natalia Partyka

අවසන් වතාවට පැවති 2016 ඔලිම්පික් තරගාවලියේ කේවල ඉසව්වේ රන් පදක්කම්ලාභිනිය ඇයයි. අතක්, පයක් අහිමි වූවන් සිටින්නේ කියා නිම කළ නො හැකි සන්තාපයකින් විය හැකි ය. නැතහොත් සමාජයේ ඉදිරියට යාමට පසුබෑමකින් විය හැකි ය. මේ සියල්ලන්ටම නටාලියා මහත් ආදර්ශයකි. ජීවිතය යනු ජය ගැනීමටම ඇති දෙයක් බව ඇය කියාපාන්නී ය. ආබාධිත වූවන් පිළිබඳ කතා කිරීමට පවා අකමැතිමුත් තම ක්‍රීඩා හැකියාවෙන් ලෝකයක් ජයගත් මෙවැන්නවුන් පිළිබඳ කතා කිරීම වටින්නේ ඇය ආදර්ශමත් නිසාවෙනි.

1989 ජූලි 27 වන දින පෝලන්තයේ උපත ලද නටාලියා පාර්ටිකා (Natalia Partyka) නැමැත්තිය කුඩා කල සිටම සියලු වැඩවලට ඉතාමත් කඩිසරයි. ඇයට උපතින්ම දකුණු අත අහිමියි. නමුත් අනික් ළමයින් වගේම ඇය සෙල්ලම් කරන්න පටන් අරන්. ඇයට එක් අතක් අහිමි බව නටාලියාට කිසි දිනක අඩුවක් වී නෑ. වයස අවුරුදු හතේදී තමයි නටාලියා ටේබ්ල් ටෙනිස් ක්‍රීඩා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඇගේ බාල සහෝදරිය සමඟින් තමයි ඈ සෙල්ලම් කරලා තියෙන්නේ. වයස අවුරුදු 11ක් වූ නටාලියා ප්‍රථම වරට  ජාත්‍යන්තර තරගයකදී ජයග්‍රහණය කළේ 1999 දී පැවති ආබාධිත වූවන්ගේ ලෝක ශූරතාවලියේදීයි. 2000 වසරේදී ඇය සිඩ්නියේ පැවති Summer Paralympics තරගාවලියට සහභාගි විය. එම තරගාවලියේ ළාබාලම තැනැත්තිය බවට පත් වූයේ ද නටාලියායි. 2004 දී ඇතෑන්ස්හි පැවති Olympics තරගාවලියේ කේවල ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ඇයට හැකි වුණා. කණ්ඩායම් තරගයේදී ඇයට හිමිවන්නේ රිදී පදක්කමක්. මේ විදිහට නො නැවතී තරග කරමින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ඇයට ඇත්තේ පුදුමාකාර ශක්තියක්.

අවුරුදු පහළොව වන විට ඇයට අවශ්‍ය කර ඇත්තේ චීන ජාතික ටේබල් ටෙනිස් තරගකාරියන් මෙන් ක්‍රීඩා කිරීමටයි. චීනයේ Guo Yue නම් ක්‍රීඩිකාවයි ඇගේ ප්‍රියතම ක්‍රීඩිකාව වී ඇත්තේ. ඒ ඇයත් Guo Yue ක්‍රීඩිකාවත් වමතින් ක්‍රීඩා කරන්නියක් වූ බැවින් ය.

මේ විදිහට ඇය 2008 දී චීනයේ බීජිං නුවර පැවති Paralympics තරගයටත් 2012 දී ලන්ඩන් නුවරදී පැවති තරගයටත් සහභාගී වුණා. 2012 තරගයෙන් ඇය අවසන් වටයේදී තරග කළේ චීනයේ ක්‍රීඩිකාවන් සමඟයි. රන් පදක්කම සමඟින් කේවල ටේබල් ටෙනිස් තරගයෙන් 3-2ක් වශයෙන් ජයගත්තේ නටාලියායි. ඇය තමන්ගේ ජීවිතයේ නිවැරදි ගමන්මඟ සොයාගෙන හමාරයි. නටාලියා පවසන්නේ ටේබල් ටෙනිස් කියන්නේ ඇගේ ජීවිතය බවයි. 2020 දී ටෝකියෝහි දී පැවැත්වීමට නියමිත පැරාඔලිම්පික් තරගය ඇගේ මීළඟ සිහිනය බවයි නටාලියා පවසන්නේ. ජීවිතය යනු ජීවත්වීම බව ඇය ලෝකයටම කියා දී හමාරය.
නලිනිකා ලක්ෂාණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: