වල්කමේ යන ගෑනු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා – ඩබ්ලිව්. ජයසිරි

November 27, 2017 | 5:18 pm    0   237

වල්කමේ යන ගෑනු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා –  ඩබ්ලිව්. ජයසිරි

අකුරක් තනිව තියෙද්දියි, අකුරක් වචනයක් වෙද්දියි, වචනවලට දැනෙන අර්ථයක් එක්වෙද්දීයි එකිනෙකට වෙනස්. අකුරු රහ ගීත කරලා, හ`ඩක් කට හඬක් කරලා, රංගනය අතර විශිෂ්ට රංගනයක් කරලා, මිනිස් සිත් හැම අතින්ම නතුකරගත් ඉවරයක් නැති ප‍්‍රතිභාවක් හොයාගෙන මම ගියා. මේ ඩබ්ලිව්. ජයසිරිගේ කතාවයි.

”මම දැන් සැහෙන්න වයසයිනේ. අවුරුදු 70ත් පැනලා, ඒ නිසා දැන් එහෙම පුංචි කාලේ මතක් කරන්න අමාරුයි. නිකන් හීනයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ඉතින් මගේ ගම ගාල්ලේ, හැබැයි මම ඉපදුණේ අම්මාගේ ගමේ වැලිගම. ඒ කාලේ ඉතින් ළමයි හම්බවෙන්න ඉන්න අය යන්නේ ඉස්පිරිතාලෙට නෙවෙයිනේ, තමන්ගේ මහගෙදරටනේ. අම්මත් එහෙම ගිහිල්ලා මාව හම්බවෙලා තියෙන්නේ අම්මගේ මහගෙදරදී. මම තමයි පවුලේ වැඩිමලා. මම ඉපදුණාට පස්සේ අපි තාත්තගේ ගෙදරට ඇවිල්ලා.”

හීනයක් වගේ තිබ්බ අතීතේ මතක් කරගෙන කතාවක් වගේ ඒක කියාගෙන යනකොට මට මග නතර කරන්න හිතුණෙම නැහැ.

”මට සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එක්කෙනක් මාලඹේ පදිංචි. අනිත් කෙනා ආසිරි හොස්පිටල් එකේ වැඩ. අනික් කෙනා පුස්සැල්ලාවේ වැඩ කරනවා. පොඩි කාලේ ඉඳන් අපි අතරේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මම ගෙදරින් පිට හැදුණේ. ඔය ගොඩක් අය කියන විදිහට මහා සහෝදර බැඳීමක් තිබුණේ නැහැ මට.”

ගොඩක් අය කියන්නේ නැති ටිකක් වෙනස් කතාවක් වුණත්, බොරුවෙන් ජීවත්වෙන ගොඩක් අයට වඩා ඒ ඇත්ත වචන මේ පිටු අතරට ගොඩක් වටිනවා.

”මට වයස අවුරුදු දෙකේදී වගේ මම පත්තරේ කියවන්න පටන්අරන් තියෙනවා. ඒකට අපේ තාත්තලා එහෙම හො`දටම බය වෙලා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. අපේ ලොකු තාත්තා, ඒ කියන්නේ තාත්තාගේ අක්කා බැඳපු කෙනා වේද ආරච්චි කෙනෙක්. ඉතින් එයාට කියලා සරස්වතී පූජාවක් කරලා තමයි මට අකුරු කියවලා තියෙන්නේ. ඒ කාලේ ඉස්කෝලවලට දාන්න අද වගේ ප‍්‍රශ්නයක් නැහැනේ. මම අවුරුදු 3 ඉඳලා ඉස්කෝලේ ගියා. මම මේ කියන්නේ 1950 වගේ කාලේ. එහෙම ඉස්කෝලවලට ළමයි ඇතුළත් කරන්න දැන් වගේ තරගයක් තිබුණේ නැහැ. ඉතින් මම එතැන ඉඳන් ඉගෙනගන්නවා.”

ඩබ්ලිව්. ජයසිරි අයියා මට කියපු විදිහට එයාගේ පාසල් කාලෙ නම් හරිම දඟයි.

”ගාල්ලේ කිතුලම්පිටියේ සි.සි. බාලිකා පාසලට තමයි මම මුලින්ම ගිහිල්ලා තියෙන්නේ. පාසල් කාලේ ඉතින් ළමයි දඟ කරනවානේ. කොහොම හරි මාව ගමේ තියාගන්න බැහැ කියලා මතයකට ඇවිත් තාත්තා මවා ගෙනැල්ලා මාතර නැන්දා කෙනෙක්ගේ ගෙදර නවත්තලා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට දැම්මා. ඊට කලින් වැලිගම සුමංගල විද්‍යාලයටත් ටික කාලයක් ගියා. කොහොම හරි ඊට පස්සේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ තමයි මම එස්.එස්.සී. විභාගය පාස් වෙනකම් හිටියේ. පස්සේ මම කියන්නත් අමාරු මහා විශාල වරදක් කරලා මට ප‍්‍රසිද්ධියේ වේවැල් පාරවල් දීලා මාව ඉස්කෝලෙන් අයින් කරා. පස්සේ මම ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළු වුණා. ඒකේ ප‍්‍රින්සිපල් අපේ තාත්තගේ යාළුවෙක්. ඒ නිසා මාව ඒ ඉස්කෝලෙන් භාරගත්තා. කොහොම හරි එක අවුරුද්දක් ඒ ඉස්කෝලේ ඉඳලා මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. ඒ කියන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයයි පේරාදෙණිය මණ්ඩපයයි කියලා දෙකක් තිබුණා. මාව තේරුණේ කොළඹ මණ්ඩපයට. එතකොට තිබුණ එකම යුනිවර්සිටි එක ඒක. එතැන ඉඳලා ඉතින් මේ කොළඹ ජීවිතේ පටන්ගත්තා.”

ජයසිරි අයියා ඉගෙනගත්තු පාසල හෙළ හවුලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා.


”ඒ කලේ මට උගන්වනකොට හිටපු ගුරුවරු දැන් ගොඩක් අය ජීවතුන් අතර නැහැ. මම ඉස්කෝලෙන් අස්වෙනකොට හිටපු ප‍්‍රින්සිපල් තමයි කු.බේ. ජයසුරිය. මම ඉගෙනගත්තු මාතර ශාන්ත තෝමස් විද්‍යාලය තමයි හෙළ හවුලේ මුල්ම ඉස්කෝලේ. ඒක නිකන් හෙළ හවුලේ හෙඞ් ඔෆිස් එක වගේ තමයි තිබුණේ. ශාන්ත තෝමස් කුමාර කුලාජිය කියලා තමයි කීවේ.”

පාසල් යන දවස්වල ජයසිරි අයියා කිසිම විශේෂයක් නොපෙන්වපු ළමයෙක් කියලා කීවොත් හිතාගන්නත් අමාරුයි නේද?

”මාව දන්නේ සත පහකට වැඩක් නැති, පන්තියේ කිසිම දීප්තියක් නැති, අනාගතේ අහවල් කෙනෙක් වෙයිද කියලා කියන්නවත් බැරි හරිම සාමන්‍ය ළමයෙක් විදිහට. කොටින්ම නිකම්ම නිකම් ළමයෙක්. අම්මලා තාත්තලාටත් ඒක ලොකු ප‍්‍රශ්නයක් වුණේ නැහැ. එයාලා බලාගෙන හිටියේ මම කවදාහරි ඉගෙනගෙන මහා විශාල තැනකට යයි කියලා. කොහොම හරි ඉතින් අද දවසේ මම කරන දේවල් බලන්න අද ඒගොල්ලෝ නැහැ.”

අමාරුවෙන් හරි මතක් කරගත්තු අතීතේ දිගේ ඇවිත් අපි කැම්පස් එක ළඟ නතර වුණා. මොකද ජීවිතේ එක සාර්ථක පිටුවක් ලියන්න පුළුවන් වෙච්ච තැනක් නිසා.
”කැම්පස් ආපු එකෙන් තමයි මගේ ජිවිතේ පටන්ගන්නේ. මම කැම්පස් එකේ ඉගෙනගත්තේ ආර්ථික විද්‍යාව, ඉන්දියන් ඉතිහාසය, සිංහල. ඒ කාලෙ නම් හිටියා මිත‍්‍රයෝ, ඒ අය දැනුත් ඉන්නවා. ඔය මහින්ද යාපා අබේවර්ධන කියලා ඒකාබද්ධ විපක්ෂේ මන්ත‍්‍රී කෙනෙක් ඉන්නේ, එයා මාත් එක්ක එකට ඉගෙනගත්තේ. සෝලංගආරච්චි කියලා පොලිසියේ ලොක්කෙක් ඉන්නවා, එතකොට බෝධි ලියනගේ කියලා බොක්සර් කෙනෙක් හිටියා එයත් පොලිසියේ. ඒ වගේ අය මාත් එක්ක ඉගෙනගත්තා.”

කැම්පස් මතක් කරනකොට අහන්න හිතුණ දේ තමයි රැුග් එක ගැන.

”ඒ කාලේ රැුග් එක තිබුණා. හැබැයි මේ දැන් වගේ අමානුෂික විදිහට නෙවෙයි ළමයි අදුරාගන්න ඒවා තිබුණේ. කෙල්ලෙක් හම්බුණොත් කියනවා ස්ත‍්‍රී ලින්ගේ නළලේ කියලා හිතාගෙන කතා කරන්න කියලා. අන්න ඒ වගේ දේවල් තමයි. ඒවා කාටවත් ශාරීරික හානියක් නැහැ.”

ගාල්ලේ ඉඳන් ඉගෙනගන්න කොළඹ ආපු ජයසිරි අයියා කලා කටයුතුවලට එකතුවෙච්ච විදිහ කීවේ මේ විදිහට.

”අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ තියෙනවානේ එක එක සංගම්. මම නාට්‍ය සංගමේ සංස්කාරක විදිහට පත් වුණා. ඉතින් අපි හැම අවුරුද්දෙම නාට්‍ය උළෙලවල් තුන හතරක් කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ, හෙන්රි ජයසේනගේ, ගුණසේන ගලප්පත්තිගේ, සුගතපාල සිල්වාගේ, නාට්‍ය කරනවා. එහෙම වෙලාවක සුගතපාල සිල්වාගේ නාට්‍ය උළෙලක් කරලා අපි හොදට මිත‍්‍ර වුණා. මරණය දක්වාම සුගත් මගේ ඉතාමත් හොද මිත‍්‍රයෙක් වුණා. සුගත් තමයි මාව වේදිකාවට ගෙනාවේ. ඒ ගමන්ම ධර්මසේන පතිරාජ මගේ මිත‍්‍රයෙක් බවට පත් වුණා. පස්සේ පති එක්ක චිත‍්‍රපටිවලට සම්බන්ධ වුණා. සුගත් එක්ක නාට්‍යවලට සම්බන්ධ වුණා.”

අද වෙනකොට රඟපාන්න එන නළුවෝ දවස ගාණේ වැඩි වෙනවා. එත් ඒ අතරින් මතකයේ රැුෙ`දන විදිහට රංගනයේ යෙදෙන ශිල්පීන් ඉන්නේ අතේ ඇඟිලි ගාණට.ඒ රංගන ශිල්පින් අතරේත් අද ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි ජයසිරි අයියා. හැබැයි ඔහු කියන විදිහට ඔහු රංගනය උපතින්ම අරගෙන ආපු දෙයක් නෙවෙයි.

”මට හිතුණේ නැහැ මට රගපාන්න පුළුවන් කියලා. ර`ගපෑම කියන එකත් එහෙම උප්පත්තියෙන් ගේන එකක් නෙවෙයි. දැන් කට්ටිය ගොන් කතා කියනවා සහජෙන් ගෙනාවා කියලා. සහජෙන් ගේන්නේ රඟපෑම නෙවෙයි ලෙඩ. සහජයෙන් ගේන්නේ ඩයබෙටික්ස්, පපුවේ රෝග වගේ දේවල්. සහජෙන් රඟපෑම වගේ ඒවා ගෙනවා නම් ගාමිණී ෆොන්සේකාගේ පුතා හෙන නළුවෙක් වෙන්න එපැයි. ජෝ අබේවික‍්‍රමගේ පුතා මාර නළුවෙක් වෙන්න එපැයි. හබැයි ඉන්දියාවේ රාජ් කපූර්ගේ පවුලේ ඉපදිච්ච කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම නළු නිළියෝ වෙනවා. ඒක ඒගොල්ලෝ ඉපදිච්ච දවසේ ඒ ගොල්ලන්ගේ පෙකණි වැල කපලා තියෙන්නේ ෆිල්ම් කෑන් එකක් උඩ තියලා. ඒ තරමට ඒ ගොල්ලෝ චිත‍්‍රපටිවලට සම්බන්ධයි. උප්පත්තියෙන් කිසිදෙයක් ගෙනාවේ නැහැ. උප්පත්තිය ලැබුවේ ඒ වගේ පසුබිමක. ඒ නිසා ඒ ගොල්ලෝ නළු නිළියෝ වුණා. ඒත් ඒගොල්ලෝ දිලිප් කුමාර්ලා තරම් දක්ෂ වුණේ නැහැ.”

උප්පත්තියේ රංගනය ගේන්නේ නැහැ කියන ජයසිරි අයියා, තමන් රංගන ශිල්පියෙක් විදිහට රංගනයේ තාක්ෂණය අල්ලාගැනීම සහ හැසිරවීම ගැන හරි අපූරුවට විස්තර කරා.

”මම මුලින්ම රඟපෑමට එන්නේ 1966 මුල හෝ අග ”හරිම බඩු හයක්” නාට්‍යයේ දෙවෙනි නිෂ්පාදනයේ. එතැන ඉඳලා දිගටම ර`ගපානවා. මම ඇත්තටම නළුවෙක් විදිහට වැඩිවියට පත් වුණේ 1985න් පස්සේ ”මරාසාත්” නාට්‍යයෙන් තමයි. ඊට කලින් මම ”දුන්න දුනුගමුවේ” නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරුපණය කරා. සුගතපාල සිල්වාගේ නාට්‍ය කීපයක්ම කරා. ඊට පස්සේ ධර්මසේන පතිරාජගේ චිත‍්‍රපටිවල සහය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. පස්සේ ටෙලිනාට්‍ය රචක, ගීත රචක වුණා. ”බඹරු ඇවිත්” චිත‍්‍රපටියේ සින්දු ලීවා, රඟපෑවා, ඔහොම ඇවිත් ටික කාලෙකින් අපේ අතේ තිබ්බ සල්ලි සේරම ඉවරයි. ජීවත්වෙන්නවත් විදිහක් නැහැ. තිබ්බ සල්ලිවලින් චිත‍්‍රපටි කරන්න ගියා. ඒ චිත‍්‍රපටි වාණිජ අතින් ඒ කාලේ සාර්ථක වුණේ නැහැ. පස්සේ මම මේ සේරම අතෑරලා දාලා සෞදි අරාබියේ ඇමරිකන් කොම්පැනියක රස්සාවකට ගියා.”

ඔහු කියන විදිහට ”මරාසාත්” නාට්‍ය තමයි ඔහු රංගනයෙන් වැඩිවියට පත්වෙන්නේ. මට ප‍්‍රශ්නයක් වෙච්ච ඒ කතාව ඔහු පැහැදිලි කළේ මේ විදිහට.

”මම ඒ නාට්‍යයෙන් තමයි රඟපෑම මොකද්ද කියලා තේරුම්ගන්නේ. ජීවිතේ ගොඩක් අත්දැකීම් හැලහැප්පීම් ඇති වෙන්න ඕනේ මනුස්සයෙක්ට නළුවෙක් වෙන්න. අපේ රටේ නම් මහා මෝඩ විදිහට මේ ළමයින්ටත් හො`දම නළුවා කියලා සම්මාන දෙනවා. ළමයි නළුවෝ නෙවෙයි ළමයි කියන දේ කරන අය. ළමයිට කරලා පෙන්නුවාම ඒක කරනවා. ඒ නළුවෝ නෙවෙයි, ඒ ළමයි. නළුවෙක් වෙන්න තමන්ගේ ජිවිතේ කර දණ්ඩ උස ගිහිල්ලා, යමක් කමක් ඉගෙනගෙන, මිනිස්සු එක්ක හැසිරිලා තියෙන්න ඕනෙ. තව ගොඩක් දේවල් තියෙනවා. ඒවායින් පස්සේ තමයි නළුවෙක් විදිහට තමන්ට කියලා ස්වාධීනව යමක් හිතලා නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ පොඩි ළමයි නළුවෝ වෙන්නේ නැහැ. දැන් ‘සි¥’ එකේ පොඩි හාමුදුරුවෝ අද වෙනකොට නළුවෙක් විදිහට හො`ද තාක්ෂණික දක්ෂකමක් පෙන්වනවා. එත් ඔහු තවම නළුවෙක් නෙවෙයි. ඔහු තවම කටේ කිරි සුවඳ ගියපු නැති පොඩි දරුවෙක්.”

ගොඩක්දෙනෙක් කියන කතාවක් තමයි රගපෑමට අපේ අතීතයේ අපි ඇසුරු කරපු පුද්ගලයින්, පරිසරය බලපානවා කියන එක.

”අපේ ජීවිතේ ජීවත්වෙනකොට අපේ ජීවිතේ පේ‍්‍රම සම්බන්ධකම්, විවාහ සම්බන්ධකම්, වෙනත් යාළුවන් එක්ක තියෙන සම්බන්ධකම්, තවත් නොයෙක් හැලහැප්පිලි තමයි අපේ ජීවිතේ තැම්පත් වෙලා තියෙන්නේ. ඒවා සමහර චරිත නිරූපණය කරන්න ගියාම මතක් වෙනවා. නැත්තම් මතක් කරලා හරි කරනවා. අනේ මන්දා ඒ වුණාට මට එහෙම මතක් වෙනව ද කියලා මම දන්නේ නැහැ. මට නම් දැන් රඟපෑමේ තාක්ෂණය, රඟපෑම කියන්නේ මොකද්ද කියන එක ඇෙඟ් තියෙනවා. දැන් අවුරුදු 40ක් විතර රඟපෑම කරනවනේ. ඒක ඉගෙනගන්නවාට වඩා අත්දැකීමෙන් එන දෙයක්. අත්දැකීමෙන් තමයි රඟපෑමේ තාක්ෂණය ඉගෙනගන්න පුළුවන්.”

ර`ගපාලම ර`ගපෑමේ තාක්ෂණය ඉගෙනගත්තු ජයසිරි අයියා තමන්ගේ පේ‍්‍රම සම්බන්ධතා ගැන කියන්න කැමැත්තක් දැක්වූවේ නැති වුණාට, තමන්ගේ පවුලේ ආදරණීයයන් ගැන ආදරෙන් මතක් කරා.

”දැනට මම ගැහැනියක් එක්ක ජීවත්වෙනවා. මට ගැහැනු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 20යි, අනික් කෙනාට 22යි. එක්කෙනෙක් රැුකියාවක් කරන ගමන් ඉහළට ඉගෙනගන්නවා, අනික් කෙනා කෙමෙස්ටි‍්‍ර ඩිග‍්‍රි එකක් කරනවා. මම ගෙදර දොරේ වැඩ කටයුතු නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක ඉතින් වයිෆ් කරනවා. දැන් ඉතින් නිවාඩු කාලෙකටවත් කොහෙවත් යන්නවත් බැහැනේ. මේ රටේ තියෙන ආර්ථික අහේනිය හින්දා. අපිට ලැබෙන සල්ලිවලින් හො`දට කාලා බීලා ඉන්නවා තවම. ඉස්සර නම් ළමයි පොඩි කාලේ ගියා. ඒත් දැන් යන්න බැහැ. හොටෙල් එකක ගිහින් නවතින්නත් දැන් කොච්චර ඕනෙද? එදා රුපියල් දහදාහකින් කරපු දේ අද කරන්න රුපියල් පනස්දාහක් තිබ්බත් මදි.”

ආර්ථික අහේනියක් ගැන කියපු නිසා රටේ දේශපාලනේ ගැන කතා නොකරොත් ඒක අඩුවක්.

”මහින්ද රාජපක්ෂ ලෝකෙට වෙන්න පුළුවන් ණය ඔක්කොම ගත්තා. දැන් ලොකුවට කියනවා අපි යුද්ධ කරලත් අපි ණය මෙච්චරයි ගත්තේ කියලා. එත් යුද්ධෙන් පස්සේ තමයි ඔක්කොම ණය ගත්තේ. මොකටද මේ පොඩි රටට අධිවේගී මාර්ග. යාපනේට අධිවේගී මාර්ගයක් හදලා මොනවා කරන්නද? පැය දෙකෙන් යාපනේට ගිහින් ගහන්නද? ඔය මේ තියෙන පාර පොඞ්ඩක් පළල් කරා නම් ඉවරයිනේ. දැන් දක්ෂිණ අධිවේගී මාර්ගේ කියන්නේ ලංකාවේ ප‍්‍රධාන පෙළේ ගංගාවල් තුනක් හරහට වේල්ලක් බැදලා. ඒවා ආයෝජන නෙවෙයි. අනික ගාලූ පාරේ යනකොට තියෙන හැ`ගීම අද නැහැ. අනික පැයෙන් ගිහින් මොනවා කරන්නද? ඔය හදපු අධිවේගී මාර්ගේ මහා කර්මාන්ත ශාලා මහා නිෂ්පාදනාගාර ඇතිවෙන්න ඕනේ. එතකොට ඒවායේ නිෂ්පාදනය කරන දෙවල් කොළඹට ගේන්න පුළුවන්. ඒක තමයි අධිවේගී මාර්ගයක් හැදීමේ ආර්ථික සැලැස්ම වෙන්න ඕනේ.”

ඩබ්ලිව්. ජයසිරි කියන්නේ අවුරුදු ගණනක් මේ ක්ෂෙත‍්‍රයේ ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා ඔහුට එදා සහ අද ගැන සංසන්දනය කරන්න බැරිකමක් නැහැ කියලා මම හිතුවා.

”දැන් කාලේ කට්ටියගේ බොහෝ අය, මම නමින් කීවොත් රොෂාන් රවීන්ද්‍ර, දසුන් පතිරණ වගේ අතලොස්සක් හැරෙන්න අනිත් ඔක්කොම නළු නිළියෝ මම හිතන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. හු`ගක් අය අහනවානේ අපේ නිළියෝ මිනිස්සු එක්ක යනවා කියලා. මට කියන්න තියෙන්නේ අපේ නිළියෝ කවදාවත් එහෙම යන්නේ නැහැ. වෙලා තියෙන්නේ වල්කමේ යන ගෑනු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා.”

කතාබහ කෙටි වුණාට, මේ පිටු දෙක පුරා මම ලියපු ඔහුගේ වචන ඇතුළේ ඩබ්ලිව්. ජයසිරි කියන ඉවරයක් නැති ඒ ප‍්‍රතිභාවේ අයිතිකරු කියවගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.

ෂදීසා ධර්මපේ‍්‍රම
ඉරිදා ඇපල් පුවත්පතෙන් උපුටා ගැන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: