වසර 146ක් වයසැති ලොව වයස්ගතම පුද්ගලයා

January 3, 2017 | 11:00 am    0   651

වසර 146ක් වයසැති ලොව වයස්ගතම පුද්ගලයා

ලොව වයස් ගතම පුද්ගලයා තමන් යැයි පවසන වසර 146ක් වයසැති පුද්ගලයෙකු ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. ඔහු පවසන්නේ තමන්ව ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් නම් කරන ලෙසයි. මාබ් ගොතෝ නම් වන මොහුගේ ඉන්දුනීසියානු නිල හැඳුනුම්පතේ ජන්ම දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1870 දෙසැම්බර් මස 31 ලෙසයි.

ගිනස් කමිටුව විසින් මෙම පුද්ගලයාව ලෝකයේ වයස් ගතම පුද්ගලයා ලෙස පුලුගනු ලැබුවොත් මෑත කාලයකදී ලෝකයේ වැඩිම කාලයක් ජීවත් වූ තැනැත්තා ලෙසද ඔහු ගිනස් වාර්තා අතරට යනවා.

ඔහු සිය ජන්ම දිනය සැමරුවේ තම වැඩිමහල් මුනුබුරා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ වන අතර ඔහුගේ සොහොයුරන්, සියලු දරුවන් හා බිරින්දෑවරුන් 5 දෙනෙකු අතරින් කිසිවෙකු මේ වනවිට ජීවතුන් අතර පසුවන්නේ නැති බවත් ඔහුගේ අවසන් බිරිඳ මියගොස් ඇත්තේ 1988 වසරේදී බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: