වසර 6000ක් පැරණි ලංකාවේ ලොකුම සිතියම සොයාගනී

මෙරට ජීවත් වුණු පරිණත ආදි මානවයින් විසින් නිර්මාණය කරන ලද වසර 5000 ක හෝ 6000ක් පමණ ඉතිහාසයක් ඇති මෙරටින් හමුවූ පළමු විශාතම සිතියම සොයා ගත් බව  කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

බලංගොඩ ඕපනායක පරගහමඩිත්ත, පින්නගල ගමේ බාදාහේන ගල් ගුහාවේ සිදු කළ මූලික කැණීම්වලදී මෙම සිතියම හමු වී තිබෙනවා.

මේ වනවිට ලෝකයේ මෙවැනි සිතියම් 18ක් හමුවී ඇති බවත් මේ හමුවී ඇත්තේ 19 වැනි  සිතියම බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාබැලීම සඳහා ලබන වර්ෂයේ පුරාවිද්‍යා කැනීම් මෙම පරිශ්‍රය ආශ්‍රිතව සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

මිට වසර 6000 පෙර මානව වාසස්ථානයක් බවට පත්ව තිබූ අඩි 200 ක් පමණ දිග ප්‍රපාතාකාර බෑවුමක පිහිටි ගල් ලෙනක් තුලදී මෙම සිතියම සොයාගෙන ඇත.

මෙම ප්‍රදේශයේ හඳුනා ගත් ජනාවාස 20 ක් පමණ තිබෙන බවත් එය වර්ග කිලෝමීටර් 25 පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති බවත් පෙන්වා දී ඇත.

ඒ අතරින් ස්ථාන 4 ක පුරාවිද්‍යා කැණීම් සිදු කර, ඒවායේ කාල නිර්ණය කිරීම් ද සිදුකර ඇත.

මෙම බාදාහේන ගල්ලෙනේ මැද කොටසේ සැලකිය යුතු තරමේ පිහිටි ගලක් ඇති අතර එය අඩි පහහමාරක් පමණ දිග සහ අඩි හතරහමාරකට වඩා පළල ගල් කුට්ටියක් වනවා. මේ ගලේ තිත් සටහන් 500 ක ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඉතාම ආයාසයකින් මෙම සිදුරු කොටා ඇති බව දැකිය හැකියි. ඒවායේ අසම්මත රටාවන් නිරීක්ෂණය කරන්නට පුළුවන්.

මෙම තිත් සටහන් විශ්කම්භය හා ගැඹුර අනුව ඒවායේ යම් යම් වෙනස්කම් කර තිබෙන බව හඳුනාගත හැකියි. මේවායින් අදහස් කරන්නේ කුමක්ද යන්න කියන කාරණේ අප අවබෝධ කර ගත යුතු බවයි මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේ. ලෝකයේ මේ වන විට තිත් සටහන් තියෙන ගල් වාර්ථා කිහිපයක් තිබෙනවා. ඒ අනුව ලෝකය පුරා මෙවැනි සිතියම් 18 ක් පමණ සොයාගෙන තිබෙනවා. ඒවා අධ්‍යනය කළ මානව විද්‍යාඥයින් හා පුරා විද්‍යාඥයින් අදහස් කරන්නේ ඉතාම ඈත කාලයේ ගල් යුගයේ මිනිසුන් තමන් ජීවත් වූ ප්‍රදේශ සහ භූමි දර්ශනය සිතියම් ගත කර ඇති බවයි. 

මෙම බාදාහේන ගල් ගුහාවේ තිබෙන තිත් සටහන් ගල් පර්වතය ලංකාවේ වාර්තා වී තිබෙන විශාලතම පළමු තිත් සටහන් සිතියමක් වනවා. මෙම තිත් සටහන්වලින් පෙන්නුම් කරන සිතියම වර්ග කිලෝමීටර් 25  ක ප්‍රදේශයක් බවට විශ්වාස කෙරෙනවා. මෙම සිතියමේ තිත් නොමැති ප්‍රදේශ නොයිදුල්ව තිබූ ඝණ වනාන්තර  බවටත් අදහසක් තිබෙනවා.

 

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + fourteen =