වසර 9කට පෙර පාසල් දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ ගුරුවරයා වසර 20 ක් හිරේ

April 7, 2017 | 9:00 am    0   296

වසර 9කට පෙර පාසල් දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ ගුරුවරයා වසර 20 ක් හිරේ

මීට වසර නවයකට(9) පෙර අකුරැස්ස පොලිස් වසමේ ඇල්ලවෙල උපකාරක පන්තියේ දී වයස අවුරුදු 16 ක පාසල් සිසුවියක ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් උපකාරක පන්තියේ ගණිතය ගුරුවරයාට විරුද්ධව මාතර මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වරදකරු වූ ගුරුවරයාට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් බරපතල වැඩ ඇතිව වසර 20 ක සිර දඩුවමක් සහ රුපියල් 10000 ක දඩයක් ගෙවන ලෙස ද දඩය නොගෙවන්නේනම් තවත් මාස 6 ක සිර දඩුවමක් නියම කළේ ය.මෙසේ සිර දඩුවම් සහ දඩ ගෙවීමට නියම වූයේ අකුරැස්ස පොලිස් වසමේ ඇල්ලවෙල පදිංචි රාමනායක ගමගේ කරුණාදාස නැමැති අවුරුදු 65 ක උපකාරක පන්ති ගුරුවරයාටය.
2008 මාර්තු 18 දිනට ආසන්න දිනකදී අකුරැස්ස පොලිස් වසමේදී 16 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීම පිළිබදව රාමනායක ගමගේ කරුණාදාස යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබුනි.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ්‍ය සමදරී පියසේන මහත්මිය පෙනී සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: