වානර මිනිස් ගෝත්‍රිකයින් ඇමසන් වනාන්තරයෙන් හමුවේ

December 28, 2016 | 7:43 am    0   711

වානර මිනිස් ගෝත්‍රිකයින් ඇමසන් වනාන්තරයෙන් හමුවේ

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ කලාපයෙන් මෙතෙක් හදුනා නොගත් ගෝත්‍රිකයින් පිරිසක් නිරීක්ෂණයවී තිඛෙන අතර එම කලාපයේ ගුවන් නිරීක්ෂනයක් සදහා ගිය විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් හෙළිකොප්ටරයක සිටයි මෙම ග්‍රෝත්‍රිකයින් නිරීක්ෂණය කර ඇත්තේ.
වර්තමාන මිනිසාගේ ශිෂ්ටත්වයට කිසිසේත්ම ලගා නොවූ ඇදුම් භාවිතා නොකරන මෙම ග්‍රෝත්‍රිකයින් වසර 20,000 කට පෙර මානවයා ජීවත්වූ කාලයේ සාධක සහිතව සිටින බවයි ගවේෂණයට සම්බන්ධ වූ ජායාරූප ශිල්පී Ricardo Stuckert අනාවරණ කරන්නේ.
මෙම ග්‍රෝත්‍රිකයින්ගෙන් ඇතමුන් මිනිසාට සමාන වන අතරම තවත් පිරිස් අතීත වානර මිනිසුන්ට සමාන වන බවද එම කණ්ඩායම හෙළිකර තිඛෙනවා.
දකුණු අමෙරිකානු මහද්වීපයේ රටවල් ගණනාවකට සම්බන්ධ ඇමසන් වනයේ විශාලත්වය ශ්‍රී ලංකාව මෙන් සිය ගුණයකට ආසන්න වන අතර එහි ගවේෂනයට ලක්වූ කලාපය සියයට 10කටත් වඩා අඩු වන අතර අනෙක් කලාපයේ ලෝකයෙන් වදවී ගිය බව සැලකෙන ප්‍රාග් ෙඓතිහාසික ජීවීන් වාසය කරන බවටද සැක පලව තිඛෙනවා.

 

  • අන්තර්ජාලය ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: